ඇමති විජේදාසට එරෙහි වාරණය දීර්ඝ කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස නම් කෙරුණු විජේදාස රාජපක්ෂ මහතාට සහ එම පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස නම් කෙරුණු සාර්ථී දුෂ්මන්ත මහතාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති වාරණ නියෝගය ජුලි 29 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා නියෝග කර තිබේ.

ඒ, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන මැති ඇමතිවරුන් විසින් ගොනු කර ඇති නඩුවක් අද (17) කැඳවූ අවස්ථාවේදී ය.

නඩුව ජුලි 29 වනදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා වාරණ නියෝගවලට එරෙහි විත්තියේ විරෝධතා ද එදිනට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...