ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය පහසුවෙන් ජය ගනියි

Date:

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහභාගි වන ආසියානු යොවුන් දැල්පන්දු තරගවෙලියේ පළමු තරගය වූ හොංකොං කණ්ඩායමට එරෙහිව තරගය 50 – 31 ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට සමත් වුණා.තරගයේ පළමු කාර්තුවේ සිට ප්‍රතිවාදීන් වෙත ඇති කළ පීඩනය නිසා සෑම කාර්තුවකදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියේ දෙපිළ අතර ලකුණු පරතරය වැඩි කර ගනිමින්ය.
ප්‍රථම කාර්තුවේදී ලකුණු 11- 8 ක් ලෙස ඉදරියට පැමිණි ශ්‍රී ලංකාව දෙවන කාර්තාව නිමා වන විට ලකුණු 24 – 14 ක් ලෙස සිය පරතරය වැඩි කර ගන්නට සමත් වුණා.තෙවන කාර්තුවේදී වැඩි පීඩනයක් එල් කරමින් ශ්‍රී ලංකාව ලකුණු පරතරය 39 – 22 ක් කර ගන්නට සමත් වුණා.අවසාන වටයේදී ජයග්‍රහණය පැහැදිළි බැවින් කණ්ඩායමේ යම් වෙනස් කම් කරමින් ක්‍රීඩා කළ ලංකාව එම වටයේ ලකුණු අනුව ද 11-9 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් වුණා.
මෙහිදී ශ්‍රී ලංකාවේ දැල විඳින්නිය ලෙස කටයුතු කළ භාෂි උඩගෙදර උත්සාහයන් 35 ක් අතරින් 29 ක් සාර්ථක කර ගන්නට සමත් වුණා.මිහිඳුම් ගෝල ප්‍රහාරිකාව ලෙස ගත් උත්සාහයන් 28 ක් තුළින් නිවැරදි ඉලක්කයට යොමු වූයේ උත්සාහයන් 17 ක් පමණක් බව ඉදරියේදී තරගාවලියේ වැඩි වන්නට නියමිත පීඩනයට සාපේක්ෂව වහාම අවධානය යොමු කළ යුතු කාරණයක් වෙනවා.


ශ්‍රී ලංකාව සාර්ථක ලෙස හොංකොං දැල ආවරණ බිඳිමින් පෙරට පැමිණිය ද,හොංකෝං කණ්ඩායමට ඒ උවමනාව සපුරා ගන්නට ශ්‍රී ලංකාවේ දැල ආවරණය කරන්නියන් මෙන්ම මැද පෙළ ද ඉඩ ලබා දුන්නේ නැහැ.ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාවේ මැද පෙළ සහ දැල රැකීම,ශ්‍රී ලංකාවේ ලකුණු යන්ත්‍රයට වඩා කැපී පෙණෙන ආකාරයෙන් ක්‍රීඩා කළ බවක් පෙණෙන්නට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...

අතිරේක තීරුබදු අත්හිටුවමින් චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශයක්!

කොළඹ LNW:චීන-ඇමරිකා ස්ටොක්හෝම් ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේ ඒකාබද්ධ ප්‍රකාශය...

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් හිටපු අමාත්‍ය රාජිතට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ LNW: අද (12) කොළඹ...