පැතුම් චන්දිමාල් සහ කුසල් ශ්‍රී ලංකාව ලකුණු 211 ක් ඉදරියෙන් තබයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා භෝජනයෙන් සුළු වේලාවකට පසුව ලකුණු 458 ට දැවී ගියා.ඒ අනුව බංගලාදේශ පළමු ඉණිමට වඩා ලකුණු 211 ක් ශ්‍රී ලංකා පිළ ඉදිරියෙන් සිටිනවා.
පැතුම් නිශ්ශංකගේ අනගි ඉණිම අද ලකුණු 158 ක් ලබා සිටියදි නිමාවට පත් වුණා.උදෑසන සිටම තණිතීරුව පන්දු යවන්නන්ට වාසිදායන ලෙස හැඩ ගැහෙන බවක් පෙනෙන්නට තිබුණු අතර ඊට එරෙහිව අභියෝගාත්මක පිතිකරණයක නියැළුණු කුසල් මෙණ්ඩිස් ලකුණු 88 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී යනවා.


පිතිකරණයේ වගකීම වැඩියෙන් තමා පිට පවරා ගැනීම අරමුණු කර ගෙන බංගලාදේශය යවන ලද 117 වන පන්දු ඕවරයේ පළමු පන්දුවට ලකුණු 2 ක් ලබා ගැනීමට ගත් උත්සාහයේදී කුසල්ට සිය කඩුල්ල අහිමි කර ගන්නට වෙනවා.පීඩනය හමුවේ ප්‍රති පීඩනයක් එල්ල කරමින් පන්දු 87 දී ලබා ගත් ලකුණු 84 වෙනුවෙන් කුසල් හයේ පහර දෙකක් සහ හතරේ පහර 8 ක් ද එල්ල කරනවා.
බංගලාදේශය වෙනුවෙන් යළිත් පන්දුවෙන් දස්කම් දැක් වූ ටයිජුල් ඉස්ලාම් ලකුණු 131 ට ලබා ගත් කඩුලු 5 දෙපිළිටම මේ තරගයේ තීරණය සම්බන්ධයෙන් දඟ පන්දුයවන්නන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට කළ ඉඟි කිරීමක් වුණා.
ලකුණු විස්තරයට පිවිසෙන්න – https://bit.ly/3TubE7H

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...

රාජිත සේනාරත්නත් අත්අඩංගුවට ??

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරක. ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳවැටිලා !

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර...

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...