සටහන: සශිකලා මධුෂාණි
ජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ස්වැට් ගඟ උතුරා යාම හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව ඇති බව වාර්තා වේ.
ගංවතුර හේතුවෙන් පවුල් හයක් ගසාගෙන ගොස් ඇති අතර ඉන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු අතුරුදහන් වී ඇති බව ප්‍රාදේශීය බලධාරීන් තහවුරු කර තිබේ.
වේගයෙන් ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම් දේශීය ස්වේච්ඡා සේවකයන් සහ පොලිසිය සමඟ සම්බන්ධීකරණයෙන්, ඉක්මනින් සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අතර ක්ෂණිකව ඉන් පසුව පුද්ගලයින් තිදෙනෙකු පණපිටින් බේරා ගෙන තිබිණ. අතුරුදහන් වූවන් සොයා ගැනීම සඳහා මහා පරිමාණ සෝදිසි මෙහෙයුමක් මලකන්ඩ් දිස්ත්‍රික්කය දෙසට විහිදේ.
නියෝජ්‍ය කොමසාරිස්, සහකාර කොමසාරිස්වරුන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරීන් මෙහෙයුම පෞද්ගලිකව අධීක්ෂණය කරමින් සිටින අතර අනපේක්ෂිත කාලගුණයක් පවතින මෙම කාල පරිච්ඡේදය තුළ ගංගා සහ ඇළ දොළවලට ඇතුළු වීමෙන් වළකින ලෙස ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටි.