*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට – බස් ගාස්තු ගැන තීරණය හෙට

බහාලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම ගාස්තු ඉහළ දැමීම අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකර තිබේ.

මේ අතර බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැත. හෙට (28) දිනය තුළදී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි පළමුවැනිදා සිදු කිරීමට නියමිත අතර, පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයද සලකා බලා මෙවර බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු බවට බස් සංගම් ඉල්ලා තිබෙනවා.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා හෙට දිනයේදී ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන හිගය හේතුවෙන් අද දිනයේදී බස් ධාවනය 10% ක් දක්වා අඩු වී ඇති බව බස් සංගම් පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan