හතේ හත වැදිච්ච රටක හතේ හත

Date:

යූටියුබ් යනවා කියන්නෙ පිටකොටුවෙ යනව වගේ වැඩක්. නැති දෙයක් නෑ. ගිහින් ඉවර කරන්නත් බෑ.මේන් ස්ට්‍රීට්, බයි රෝඩ්ස්, බිල්ඩින්ග්ස්, සයිවර් ඔක්කොගෙම අච්චාරුවක්. යූටියුබර් කෙනෙක් වෙනවා කියන්න එක අනූවෙන් එහා ජෙනරේශන් එකට අමුතු ටයිට්ල් එකක් උනාට දෙදාහෙන් මෙහාට ඒක ගෙනරලයිස් වෙච්ච භූමිකාවක්.

යූටියුබර් කෙනෙක් වෙන එක හරි යූටියුබ් එකේ වැඩක් කරනවා හරි කියන්නෙ ඊසි දෙයක් නෙවෙයි. ටාගට් ඕඩියන්ස් එක මාස් නොවුණට මාස් ඕඩියන්ස් එකක් යූටියුබ් එක වටේ රොක් වෙලා ඉන්නවා. මේ ඕඩියන්ස් එකට ඇවිදගෙන යන්න පුළුවන් පාරවල් අන්ලිමිටඩ්. සෝන්ග්ස් ස්ට්‍රීට්, පොලිටික්ස් ස්ට්‍රීට්, එඩුයුකේෂන් ස්ට්‍රීට්, මූවි ස්ට්‍රීට්, කොමඩි ස්ට්‍රීට් වගේ මල්ටි පාත්ස් මේක ඇතුළෙ තියෙනවා. වීවර්ස්ලා බා ගන්න නම් සුපුරුදු වැඩක් වුණත් නුපුරුදු විදියට වීවර් ළඟට ගේන්න වෙනවමයි. අනික තමා යූටියුබ් යූස් කරන්නෙ නරඹන්නො නෙවේ. මේ ප්ලැට්ෆොර්ම් එකේදි නරඹන්නා ‘ වීවර්’ වෙනවා. ඉතින් මේ වීවර් ටෝලරේට් කරන්න නං යූටියුබර්ට වෙනවා අමුතු කරනං ගහන්න. ඒ වගේ සර්කස් වැඩක් සිද්ධවෙලා තියෙනවා කියලා කියන්නයි බැල්ටිමෝරට ඕන. ඒක ශ්‍රී ලංකන් ස්පෙශල් වැඩක්.

යූටියුබ්වල අපි නිතර දකින දෙයක්, කොමඩි වීඩියෝස්. මේවා කොටස් වශයෙන් ඒ කියන්නෙ පාට් 1, පාට් 2 කියල නිර්මාණය වෙනවා. ඒක අමුතු නෑ. සෝන්ග්ස් වුණත් එපිසෝඩ් විදියට එළියට එනවා. මේ කියන්න යන වැඩේ ඇතුළෙත් ඔය කියන එපිසෝඩ් කෑල්ල තියෙනවා. හැබැයි යුනිවර්සල් ගතියකුත් තියෙනවා. 

ළඟදි රිලීස් වුණ සෝන්ග් එකක් ගැනයි මේ ටෝක් එක. හැබැයි සෝන්ග් එකක් එක්ක විශුවල් එකක් රිලීස් කරනව වඩා වෙනස් මේක. ඔව්, මේක සෝන්ග් එකක් නෙවේ සෝන්ග් හතක්. විශුවල් එකක් නෙවේ හතක්. සිගර්ස්ලා හතක්. ‘ හතේ හත’ කියල පැකේජ් ක්‍රමේට එළියට ආව වැඩක්.  හතේ හත වැදිලා ඉන්න මේ වගේ වෙලාවක ඒ නම ම සුපර් මාකටින් නමක්. 

මේ එපිසෝඩ් හතේ දුවන්නෙ  සොලිඩ් ස්ටෝරි ලයින් එකක්. එපිසෝඩ් හතක ශෝට් ඩ්‍රාමා එකක් ඒකෙ තියෙනවා. එක එපිසෝඩ් එකක් විනාඩි දහයක් විතර ප්ලේ වෙනවා. ඒ ඩ්‍රාමා එක අස්සෙ සෝන්ග් එක විශුවලයිස් වෙනවා. මෑතක දැකපු ෆික්ස්ඩ් කන්සෙප්ට් එකක් ඒක. වීවර් කෙනෙකුට සෝන්ග් එක විතරක් අහන්නත් පුළුවන් . එක්කො ඩ්‍රාමා එක බලන්නත් පුළුවන් . නැත්නම් දෙකම එකට අරගෙන රසවිඳින්නත් පුළුවන්. හැබැයි මේ කිසිවක් එකටක එකක් සම්බන්ධ නැතිව අයාලෙ යන්නෙ නැහැ. ඒක තමා සිරාම වැඩේ. 

එක එපියක් ඉවර කරලා අනිත් එපිය බැලීමේ පිපාසය වීවර්ට එනවමයි. ඒක වෙන්නෙ ස්ටෝරි ලයින් එකේ සිරාකම නිසා කියල ඩිරෙක්ට් කියන්නම වෙනවා. රඟපෑම්වල ආයෙ කතා දෙකක් නෑ.  ‘ හතේ හත’ ම බලලා ඉවර වෙලා මේකෙ කෙරුමො කවුද කියල බලන්නම වෙනවා. වැඩේ ලියන්නෙත් තිසර. වැඩේ කරන්නෙත් තිසර. නම එක උනාට මේ දෙන්නෙක්. ලියපු බණ්ඩාරටයි කරපු ඉඹුලානටයි වෝම් හග් එකක් දෙන්නම වෙනවා. ඒක ලංකාවේ යූටියුබ් ඉතිහාසයේ ශයිනි තැනක්.

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...