එක්සත් ජනපද නාවික හමුදාව සතුව තිබ්බ මුහුද යට සිදුවන ඕනෑම සංවේදී දෙයක් ගැන තොරතුරු දැනගන්න තාක්ෂණ උපක්‍රම. ඒ නිසා ඕෂන් ගේට් (OceanGate) සමාගමේ දෛවෝපගත ටයිටන් (Titan) අභ්‍යන්තරයට පුපුරා යනකොට ඒ මොහොතේම ඇමෙරිකන් නාවික හමුදාව දැනගත්ත ටයිටන් විනාශ වුණා කියල. හැබැයි ඉතිං තමන්ගේ තොරතුරු මුලාශ්‍ර ඉස්සරහට දාන්න එයාල හදිසි වුණේ නැහැ. මොකද එයාල කොම්පැණියක් නෙවෙයි රාජ්‍යයක්.
ඉතින් ලෝකයේ අනෙක් අය එක එක උපකල්පන වලට ගියා. අපි එක එක ෆැන්ටසි වල පැටලිලා ඉන්න හැටි එක්සත් ජනපද නාවික හමුදාව ඒ දිහා බලාගෙන හිටිය. එච්චරයි.
අපි පැටලිලා හිටපු එක ෆැන්ටසි එකක් තමයි මේ පස්දෙනා තවම ජීවත් වෙනවා කියන එක. ඉතින් තවමත් පණ තියන මේ අය ගැන අපි එක එක කතා කිව්වා. ඉන් එක කතාවක් තමයි එයාල සෙවීම් කණ්ඩායම් එයාල වෙත ළඟා වෙනකල් ඔක්සිජන් පරිස්සරම් කරගන්න ඕනි කියල එක.
ඉතිං ගොඩක් අය කිව්වා එයාල භාවනා කරානම් හොඳයි කියල. හොඳ සිහියෙන් නමුත් ශරීර ක්‍රියාකාරී බව අවම කරගන්න ඕනි කියන එක.
මෙතැනදී තමයි ඉතාම පැරණි භාවනා වගේ දෙයක් නැවත සබුද්ධිකකරණය උනේ. සම්මා සතිය වගේ එකක් නැවත ධනාත්මක උනේ. අවට ලෝකයේ කොච්චර කලබලයක් හෝ ව්‍යසනයක් තිබ්බත් සිත එකඟ කරගන්නේ කොහොමද කියන එක වැදගත් උනේ. දුක සහ සැප, හිමිවීම සහ අහිමිවීම අතරේ ඇති මැදුම් පිළිවෙත නැවත මතක් උනේ.
මෙතන තමයි අධිතාක්ෂණ යුගයකත් බුදුදහමේ වටිනාකම් වගේම පෞරාණික භාවනා වගේ දේවල් නැවත පණ ලබන්නේ. අතිශයින්ම විගලිත ලෝකෙක බුදුදහම වගේම පැරණි ආගම් නැවත පුනර්ජීවනය ලබන්නේ. ආපතික ලෝකෙක, ව්‍යසන ලෝකෙක, අවදානම් ලෝකෙක, අනියත ලෝකෙක, පසුනූතන ලෝකෙක බුදුදහම ඉතාම හොඳින් දළුදාන්න පුළුවන්.
බුදුදහම අපේ ගල්කණු වලින් ගලවලා අතිශයින් නවීන ලෝකෙක නැවත පැලකරන්න වටිනව. මින් කියවෙන්නේ නැහැ අපේ උරුමය රැකගන්න ඕනි නැහැ කියල. හැබැයි අපේ බුදු දහමේ ඇත්තම සාරය ඊට වඩා ලෝකෙට අවශ්‍ය වෙලා තියනවා. ඒක තේරුම් ගම්මු.
~ මහේෂ් හපුගොඩ
RN