සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මෙරට මුළු විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියන 41.5ක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙන,අතර ජනාධිපතිවරයා පවසන්නේ , වසර 5ක කාලයක් තුළ මෙරට මුලු විදේශ ණය ප්රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්රතිව්යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවයි .
ගම්පහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් , දේශීය ණය ද ප්රතිව්යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
මේ අතර දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේදී රටේ බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් සිදුනොවන බවට ජනාධිපතිවරයා විසින් සහතික වී ඇත .
ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ ශ්රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ ඇති රජයේ සහ පෞද්ගලික බැංකු ඇතුළු මෙරට බැංකු පද්ධතියේ ස්ථාවර භාවයට ඉන් කිසිදු බලපෑමක් සිදු නොවන බවත් , දේශීය ණය ප්රතිව්යුහගත කිරීම බැංකු පද්ධතියේ තැන්පතුවලට බලපෑමක් සිදුනොකරන බවයි .
ඒ අනුව දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු පොලිය සඳහා ද ඉන් බලපෑමක් නොවන බව ජනාධිපතිවරයා පවසා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??