දැන් නම් ගුරුවරයෙක් රනිල්ට කතිරය ගහන්න කඳුළු ගෑස් සුවද විලවුන් වගෙත් බැටන් පොලු ප්‍රහාර මසාජ් එකක් වගෙත් දැනෙන්න ඕනේ – AKD

Date:

කොළඹ LNW:කිසියම් හෝ ගුරුවරයෙක් රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕනේ කියල හිතනවා නම් ඒ ගුරුවරයාට කඳුළු ගෑස් සුවද විලවුන් ලෙසත් බැටන් පොලු ප්‍රහාරය මසාජ් එකක් ලෙසත් දැනිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ (27) පැවති මඩකලපුව දිස්ත්‍රික් ගුරු සමුළුව අමතමිනි.

රනිල් වික්‍රමසිංහ කඳුළු ගෑස් බැටන් පොලු අරන් ආවද ගුරුවරු වන ඔබ යන්නේ ජන්ද කාඩ් පත සහ හැඳුනුම් පත රැගෙන වන බවත් ලක්ෂ දෙකකට වැඩි ගුරු පරපුර සහතික වශයෙන්ම රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා ඉදිරියට පැමිණෙන බවට විශ්වාසයක් ඇති බවත් අනුර දිසානායක මහතා කියාසිටියේය.

”වැටුප් වැඩි වීම ගැන දීර්ඝ උද්ඝෝෂණයක් තිබුණා. ඒ උද්ඝෝෂණය නතර කිරීම සඳහා ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර එකඟතාවකට ආවා. අයවැය යෝජනාවට එය ඇතුල් කළා. අයවැයට ඇතුල් කරපු යෝජනාවෙන් පියවර කිහිපයකට වැටුප් වැඩිකරන්න එකඟ වුණා. ඒ එකඟතාව ඉටුකරන්න කියලයි ගුරුවරු ඉල්ලන්නේ. හැබැයි ආණ්ඩුව ඒකට උනන්දුවක් දක්වන්නේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහට කෝටි 875ක් වෙන් කරනවා. අයවැය ලේඛනයෙන් වෙන් කරන්නේ නැතුව. පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනල්ලා. ඒ කියන්නේ හදිසි යෝජනාවක් ගෙනල්ලා රනිල් තමන්ට මුදල් වෙනක්රගන්නේ. හැබැයි ගුරුවරුන්ට අයවැය යෝජනාවට දාපු යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට රට යන්න අයවැයෙන් සල්ලි වෙන් කළා. මොකද වුණේ අවුරුද්දටම වෙන්කරපු සල්ලි මාස හතරෙන් ඉවර කළා. හැබැයි අලුතෙන් කෝටි 20ක් වෙන්කළා. අයවැය ලේඛනයේ නැතුව. නමුත් ගුරුවරුන්ට අයවැය ලේඛනයෙන් සම්මත වුණ යෝජනාව ඉටුකරන්නේ නැහැ. රනිල්ලා අයවැයේ නැති සල්ලිත් වෙන්කර ගන්නවා. මොකද හැන්ද තියෙන්නේ එයාලා ගාව. එයාලා මොකද කරන්නේ ඒ හැන්දෙන් එයාලා බෙදා ගන්නවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන්දෙවොල බිඳ වැටෙයි : “කුසට සාගිනි හදට සෝගිනි” බයිලාද ? 76 වසරක සාපය තිබිලා තියෙන්නේ අපිට විතරමද ?

එතකොට "කුසට සාගිනි හදට සෝගිනි" වගේ විමුක්ති ගී සිරිමගෙ...

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...