රජයේ බැංකු වෙතින් කළු විරෝධයක්!

කොළඹ LNW:රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (28) කළු සිකුරාදාවක් ලෙස නම් කර තිබේ.

මෙලෙස විරෝධයක් සංවිධානය කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල නිර්දේශ කළ සාමුහික ගිවිසුම් යෝජනා භාණ්ඩාගාර නිලධාරීන් විසින් කප්පාදු කිරීමට එරෙහිවයි.

ඒ අනුව අද දහවල 12.30 සිට 01.30 දක්වා කාලය තුළ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී ”කළු පිකට් උද්ඝෝෂණයක්” ද සංවිධානය කර ඇත.

මෙම සාමූහික ගිවිසුම් කප්පාදුවට එරෙහිව මීට පෙරත් රාජ්‍ය බැංකු වෘත්තීය සමිති විසින් විරෝධතා මතු කළද රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අවධානය යොමු නොකිරීම මෙලෙස කළු විරෝධයක් දක්වා එය දිගුවක් වීමට හේතු වී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ