ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

Date:

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් නැවතත් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ සඳහා වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කළ නිර්දේශයට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

දක්ෂ රහස් පරීක්ෂකයකු වශයෙන් ප්‍රකට ශානි අබේසේකර පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර, අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

එම වැඩ තහනමේ කාල සීමාව තුළම ඔහුගේ විශ්‍රාම වයස සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම ගිය ඔහු ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ප්‍රධානියකු වශයෙන් මැතිවරණ කටයුතුවලට දායක වූ අතර ජාජබ රජය බලයට පැමිණීමෙන් අනතුරුව ඔහුව මුලින් කොන්ත්‍රාත් පදනම යටතේ පොලිස් සේවයටත් පසුව සක්‍රීය පොලිස් සේවයටත් එක් කරගැනීමට කටයුතු කෙරිණි.

ශානි අබේසේකර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...