වතු කම්කරුවන්ට සුබ කාලයක්!

0
284

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

වර්තමානයේ පවතින කම්කරු නීතිය වෙනස් කරමින් නව පනතක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය . වතු කම්කරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ද වතු පාලන අධිකාරිය සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවද, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, එමෙන්ම ජාතික කම්කරු උපදේශක සභාව සමග ද වතුකරයේ ජනතාව මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.