ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. එහිදී ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක කාලයක් පැවැති ‍යුද ගැටුම් සහ පශ්චාත් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුව ඇති බවද පැවසේ.

තවද, ඉරානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ සින්ධු මෙහෙයුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපලගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

සිය ගණනක් ඉන්දියානුවන් ආරක්ෂිතව ඉරානයෙන් ඉවත් කර ගැනීමට ඉරාන රජය ලබා දුන් සහයෝගයට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර තිබූ අතර, වර්තමාන සංකීර්ණ තත්වය තුළ ඉරානයේ ඉදිරිදර්ශනය සහ චින්තනය බෙදාගැනීම අගය කරන බව , සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...