ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. එහිදී ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක කාලයක් පැවැති ‍යුද ගැටුම් සහ පශ්චාත් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුව ඇති බවද පැවසේ.

තවද, ඉරානයේ සිටින ඉන්දියානුවන් මුදා ගැනීම සඳහා ආරම්භ කළ සින්ධු මෙහෙයුම සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් දෙපලගේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

සිය ගණනක් ඉන්දියානුවන් ආරක්ෂිතව ඉරානයෙන් ඉවත් කර ගැනීමට ඉරාන රජය ලබා දුන් සහයෝගයට ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කර තිබූ අතර, වර්තමාන සංකීර්ණ තත්වය තුළ ඉරානයේ ඉදිරිදර්ශනය සහ චින්තනය බෙදාගැනීම අගය කරන බව , සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලශක්ති පීඩනය හමුවේ වියදම් කැපකිරීම හැර වෙනත් විකල්පයක් නෑ – IMF

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 14, කොළඹ LNW : ඉරාන යුද්ධය හේතුවෙන්...

ඥානසාර හිමිගේ චීවරය ඉවත්කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීමට විනිසුරු මඩුල්ලක් නම් කෙරේ!

කොළඹ LNW:සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ...

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...