මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

Date:

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW:

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන එක්දින තරගාවලිය නියෝජනය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.මෙම සංචිතය සඳහා මිලාන් රත්නායක ද කැඳවා ඇතත් එම තේරීම සහතික වන්නේ ඔහුගේ ශරීර යෝග්‍යතා පරීක්ෂණයේ ප්‍රතිපල සමඟය.මේ අතර ක්‍රියාත්මක වෙමින් පවතින දෙවන ටෙස්ට් තරගයේදී විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩා කරමින් සිටියදී දුවද්දී දැවි ගිය කුසල් මෙණ්ඩිස් ද යම් ආබාධයකට ගොඳුරු වූ අතර ඔහුට ද තරගාවලියට සුදුසුකම් ලැබීමට යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට සිඳුවීමට ඉඩ තිබේ.
ජුලි 02,05 සහ අටවන ද පැවත්වෙන එක්දින තරග තුනෙන් පළමු තරග දෙක කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වීමට තීරණය කර ඇති අතර තෙවන තරගය පැවත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ය.නම්කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින් දක්වා ඇත.

  1. චරිත් අසලංක – (නායක)
  2. පැතුම් නිශ්ශංක
  3. අවිශ්ක ප්‍රනාන්දු
  4. නිශාන් මධුෂ්ක
  5. කුසල් මෙන්ඩිස්
  6. සධීර සමරවික්‍රම
  7. කමිඳු මෙන්ඩිස්
  8. ජනිත් ලියනගේ
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහේෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩර්සේ
  13. මිලාන් රත්නායක – යෝග්‍යතාවයට යටත්ව
  14. ඩිල්ෂාන් මධුශංක
  15. අසිත ප්‍රනාන්දු
  16. ඒෂාන් මාලිංග

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...