ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

ඊයේ (27) දින රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙන බව වාර්තා වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව ‘එල්’ වාට්ටුවේ රැඳවූ බවයි.

එම වාට්ටුවේ පළමු දින රඳවනු ලබන්නේ රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන නවක රැඳවියන් බවයි වාර්තා වන අතර, ඒ අනුව නිශාන්ත වික්‍රමසිංහ මහතා තවත් රැඳවියන් 60කට ආසන්න පිරිසක් සමග ‘එල්’ වාට්ටුවේ රඳවා සිටින බව පැවසේ.

ඔහු ඇතුළු එම වාට්ටුවේ රඳවා සිටින නවක රැඳවියන් අද දිනයේ වෙනත් වාට්ටුවලට මාරු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඊයේ දිනයේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කර ගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...