*
Friday, April 26, 2024
spot_img

Latest Posts

තෙල් නැත්තං සේවයට වාර්තා කරන්න බෑ – සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

ඉන්ධන නෙමැතිවීම සහ මගී ප්‍රවාහන කටයුතු අඩාලවීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් බහුතරයකට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බව වෘත්තීය සමිති පවසනවා. මේ නිසා හෙට සහ අනිද්දා දිනවලදී සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමටයි වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරන මහජන සෞඛ පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, රසායනාගාර ශිල්පීන්, කීට විද්‍යා නිළධාරීන් ඇතුළු ක්ෂේත්‍ර 08 කට අයත් සේවකයන් මෙම වර්ජනයට සහාය දක්වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. සෞඛ්‍ය සේවයද අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සෞඛ්‍ය සේවකයන් සඳහා ඉන්ධන නිකුත් කරන බවද ආණ්ඩුව සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන බවයි. මගී බස්රථ බහුතරයක් ධාවනයෙන් ඉවත්ව ඇති අතර ලංගම බස්රථ පමණක් නියමිත පරිදි ධාවන කටයුතු සිදු කරයි. මෙම තත්වය මත පොදු ප්‍රවාහන සේවා භාවිතා කර සේවයට වාර්තා කිරීමටද නොහැකි වී ඇති බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan