අවුරුදු දෙකක් කාපු රටක් එක දවසින් ගොඩදාන්න බෑ, රනිල්ට කාලය දෙන්න – රුවන් විජයවර්ධන

Date:

වසර දෙකක් තිස්සේ විනාශ කළ රටක් එක දවසකින් දෙකකින් ගොඩදැමිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. එනිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැංවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.

රට බාර දුන්නොත් මාස 06 න් අවුරුද්දෙන් ගොඩදැමිය හැකි බවට විපක්ෂයේ සිටිමින් වහසි බස් දොඩන කණ්ඩායම්, අග්‍රාමාත්‍යවරයාට එවැනි කාලසීමාවක් ලබා නොදෙන්නේ මන්දැයි ඔහු විමසා සිටිනවා.

විපක්ෂය සිදුකළ යුත්තේ කකුලෙන් ඇදීම නොව විපක්ෂයේ සිටිමින් හෝ අර්බුදයෙන් රට බේරා ගැනීමට අගමැතිවරයාට සහාය ලබාදීම බවත්, කෙසේ නමුත් එවැනි හැකියාවක් මේ දක්වා ඔවුන් පෙන්වා දී නොමැති බවත් විජයවර්ධන මහතා පවසනවා. විපක්ෂයේ කණ්ඩායම් සිදු කරන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරමින් දිගින් දිගටම කකුලෙන් ඇදීම බවද ඔහු සඳහන් කරයි.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමග අද කොළඹදී පැවති සාකච්ඡාවකදී එජාප නියෝජ්‍ය නායකයා මෙම අදහස් පළ කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...