*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අවුරුදු දෙකක් කාපු රටක් එක දවසින් ගොඩදාන්න බෑ, රනිල්ට කාලය දෙන්න – රුවන් විජයවර්ධන

වසර දෙකක් තිස්සේ විනාශ කළ රටක් එක දවසකින් දෙකකින් ගොඩදැමිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. එනිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැංවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.

රට බාර දුන්නොත් මාස 06 න් අවුරුද්දෙන් ගොඩදැමිය හැකි බවට විපක්ෂයේ සිටිමින් වහසි බස් දොඩන කණ්ඩායම්, අග්‍රාමාත්‍යවරයාට එවැනි කාලසීමාවක් ලබා නොදෙන්නේ මන්දැයි ඔහු විමසා සිටිනවා.

විපක්ෂය සිදුකළ යුත්තේ කකුලෙන් ඇදීම නොව විපක්ෂයේ සිටිමින් හෝ අර්බුදයෙන් රට බේරා ගැනීමට අගමැතිවරයාට සහාය ලබාදීම බවත්, කෙසේ නමුත් එවැනි හැකියාවක් මේ දක්වා ඔවුන් පෙන්වා දී නොමැති බවත් විජයවර්ධන මහතා පවසනවා. විපක්ෂයේ කණ්ඩායම් සිදු කරන්නේ අර්බුදයෙන් වාසි ගන්නට උත්සාහ කරමින් දිගින් දිගටම කකුලෙන් ඇදීම බවද ඔහු සඳහන් කරයි.

විද්වත් වෘත්තිකයන් ඇතුළු පිරිසක් සමග අද කොළඹදී පැවති සාකච්ඡාවකදී එජාප නියෝජ්‍ය නායකයා මෙම අදහස් පළ කළේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan