අස්වැසුමේ ප්‍රශ්නය විසඳන්න බැසිල්ටම බාරදෙන යෝජනාවක් ?

Date:

සමෘද්ධි සහනාධාර වැඩසටහන වෙනුවට අලුතින් ස්ථාපිත කිරීමට නියමිත අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්වයන් විසඳීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් “දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” යළි පිහිටුවීමේ යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙම “දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය” පිහිටවූ අතර කොවිඩ් වසංගත සමයේදී අඩු ආදායම්ලාභීන් ඇතුළු පීඩාවට පත් ජනතාවට සහනාධාර ලබාදීම සිදුකෙරුණේ ඒ ඔස්සේ ය.

ඒ අනුව එහිදී ලැබූ අත්දැකීම් සහ සමෘද්ධි වැඩසටහන සම්බන්ධයෙන් වසර ගණනක දීර්ඝ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම ප්‍රශ්නය විසඳීමට වඩාත්ම සුදුසු පුද්ගලයා බැසිල් රාජපක්ෂ මහතාම බවටයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පොහොට්ටුවේ පාර්ශ්වයේ අදහස වී ඇත්තේ.

විශේෂයෙන්ම මෙම අස්වැසුම වැඩසහන සම්බන්ධයෙන් බිම්මට්ටමේ උද්ගතව ඇති විරෝධතාවලට වහාම විසඳුම් ලබාදීම ආණ්ඩුවේත් පොහොට්ටුවේත් ජනාධිපතිවරයාගේත් ඉදිරි දේශපාලන ගමනට ඉතාම තීරණාත්මක යැයි ඔවුන් අවධාරණය කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...