පොලිස්පති ධුරයටත් වෙන්නේ කැබිනට් සංශෝධනයට වෙච්චි දේමද ?

Date:

ශ්‍රී ලංකාවේ පොලිස්පති ධුරය දැන් දින තුනක් තිස්සේ හිස්ව පවතී.

ඒ, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදී තිබුණු සේවා දිගුව ජුනි 26 වනදායින් අවසන් වීමත් සමග ය.

වික්‍රමරත්න මහතා මේ වනවිට නිල වශයෙන් විශ්‍රාම ගොස් ඇති නිසා ඔහුට යළිත් සේවා දිගුවක් ලබාදීමටත් නොහැක.

නව පොලිස්පතිවරයකු පත්කිරීමත් තරමක් දීර්ඝ ක්‍රියාදාමයකි. ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරයට නමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දන්වා යැවිය යුතුය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය යුතුය, ඔවුන් එය අනුමත කළ යුතුය, ඉන්පසුව ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකළ යුතුය.

එහෙත් මේ කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට නැත.

පොලිසිය භාරව ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ය. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රශස්ථ ලෙස සිය සේවය ඉටුකරමින්, අදාළ වගකීම් දරමින් සිටින නිසා ජනාධිපතිවරයාත් නිශ්ශබ්දව සිටින බවක් පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...