*
Monday, July 1, 2024
spot_img

Latest Posts

( Video) තරු පායන්න තැනක් නැති රටක් තව දුරටත්….

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 29, (LNW) කොළඹ :

මේ සමඟ ඇති වීඩියෝවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මාධ්‍ය වෙත යොමු කළ පණිවිඩයක්.ඔහු පෙන්වා දෙන්නේ තරුශි කරුණාරත්නට ඔලිම්පික් ගමණට මලල ක්‍රීඩා සංගමය බාධා කරන බව පවසමින් මාධ්‍ය මඟින් පළ කළ ප්‍රවෘත්ති සාවද්‍ය බවයි.තරුශි කරුණාරත්නට සංවිධානයේ අඩු ලුහුඩු කමකින් එම ධාවනය හොඳින්ම කර ගැනීමට නොහැකි වූ බව අප ද විශ්වාස කරන අතර අපි එම කරුණු වාර්තා ද කළෙමු.


අප තරුශි ඔලිම්පික් යාමට මලල ක්‍රීඩා සංගමය බාධා කරන බව නොකීවෙමු.එහෙත් අසම්පූර්ණ තත්ත්වයන් මත එසේ බාධා වු බව අපි මේ මොහොතේ ද පවසන්නෙමු.එය සමන් මහතා ද මේ හඬ පටයේ පවසන තාක්ෂණික නිලධාරීන්ගෙන් සිඳු වූ අඩු පාඩු වන්නට හැකිය.එවැනි අඩු පාඩු වීම විය නොහැකි නමුත් අපේ රටේ එවැනි දේ සිඳුවීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේය.අප තරුවලට පායන්න තැනක් නැති රටක් ලෙස අප විසින් සටහන් තැබුවේ මේ අඩුපාඩු යන්න සාමාන්‍ය තත්ත්වයක් වන බැවිනි.


මේ ධාවන පථායේ සිටම අඩු පාඩු තිබෙන බව අප සියලු දෙනාම පිළිගත යුතු ඇත්තකි.මේ ධාවන පථයේ සළකුණු හැදුණු අලුතම හුණු කෑලිවලින් ඇඳ ගන්න වෙන ආකාරයට මැකි ගිය අයුරින්ම ඒ තත්ත්වය පැහැදිළිය.ඒවා සම්බන්ධයෙන් කිසිඳු වගවීමක් ක්‍රීඩා අමාත්‍යංශයද නොපෙන්වීය.රොෂාන් රණසිංහ අමාත්‍යවරයා තමන්ට මඟ පෙන්වීමට පත් කළ කමිටුවලම වගකීම් පැවරුණු පිරිස අතිරින්ම අයෙක් මේ ධාවන පථය එලීමේ කාර්යය පැවරුණු සමාගම වෙනුවෙන් මැදිහත්කරු ලෙස සහ අධීක්ෂණයට මැදිහත්වන බවද අපි කීවෙමු.එහෙත් වැටත් නියරත් ගොයම් කමින් ඒවා ගැන කතා කරන්නට ඇති ඉඩ ප්‍රතිපලයක් නොවන අන්දමින් වසා දමා තිබිණි.


මේවා ලංකාවේ කිසිඳු දේශපාලන පක්ෂයකට ද අදාළ නැත.නිරෝගිමත්ම ජවසම්පන්න මිනිස්සු නිර්මාණය කරන්නේ ක්‍රීඩාවෙන්ය.එපමණක් නොව මේවා නිවැරදිව තිබීමෙන් රටට කීර්තිය මෙන්ම ලැබෙන සුවිශාල ආදායමද සුළු නැත.උදාහරණයකට රට ඉතාම අපහසු කාල පරිච්ඡේදයක් පසු කරමින් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් රටේ ප්‍රශ්නවලට මෙන්ම ඒ දුෂ්කර කාලයේ රටට කීර්තිය ගෙනා ක්‍රිකට් නොවන ක්‍රීඩාවලට ද සැළකුවේය.එහි ඇති මුදල් පිළිබඳව සැළකිල්ල යොමු කරන දේශපාලකයන් විවිධ කරණම් ගසමින් එහි පාලනයට තමන්ට හිතවත් පිරිස් යොදා ගන්නට උත්සාහ කළ ද,වෙනත් ක්‍රීඩාවන් සඳහා එසේ ඉපයිය හැකි සෞභාග්‍යයක් ඇති කිරීමට කතා නොකරන නිසා මේ ගැටළු අඩුම තරමේ සමන් කුමාර ගුණවර්ධන කරන ලද මැදිහත්වීම තරම්වත් ප්‍රතිචාර නැතුව නිහඬතාවයේ ගිලී යන්නේය.


ඒ නිසා සමන් කුමාරයන්ගේ මැදිහත් වීම අපටනම් ධනාත්මක එකකි.ඔහු පෙන්වා දෙන කරුණු අනුව සිඳු වූ අඩු පාඩුව එකිනෙකාට සාපේක්ෂ වන හැටි වෙනස්වීම මේ තරම් ගැටළුකාරී තත්ත්වයක් ඇති වීමට හේතුවය.තරග උළෙල මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන එකකි.ඔවුන්ට සමස්ත ඉසව් ප්‍රමාණයම එක සමානය.අවස්තානුකූලව එය ඉසව් කිහිපයකට විශේෂ අවධානයක් දිය යුතුව තිබුණු බව සමන් කුමාරයන්ගේ අදහසින් ගම්‍ය වන්නේය.
එහිදී අඩු පාඩුව සිඳුවන පාර්ශවය,සංවිධානය කරන පරිපාලනය තරම් සුළුවට ගන්නේ නැත.මේ දෙපසට එකම කාරණය දැනෙන හැටි සාපේක්ෂව වෙනස්ය.මේ තත්ත්වය පැහැදිළිව තේරුම් නොගැනීම සමන් කුමාරයන්ගේ පණිවිඩයේ පැහැදිළිය.


මේ සමඟ ඇති එක් ඡායාරූපයක ඇත්තේ වර්ෂාව නිසා ධාවන පථයේ පිරුණු ජලය තීරණාත්මක ඉසව්වක් වෙනුවෙන් ඉවත් කරන ආකාරය ය.තරුශිගේ ඉසව්ව වෙනුවෙන් ද ඒ ආකාරයට වතුරු ඉවත් කරන්න තිබුණා.එසේ ඉල්ලීමකුත් කරලා තිබුණා.සමහර විට එසේ ඉල්ලීම ලිඛිතව කර නැති බව හෝ ලිඛිතව එම කාරණය ඉටු කරන බවට වූ පොරොන්දුවක් පෙන්වන්නට නැති නිසා එවැන්නක් සිඳු වූ බව හෝ නොවුණු බව කිව හැක්කේ ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට මැදිහත් වූ අදාල නිලධාරියාගේ හෘද සාක්ෂියට සාපේක්ෂවයි.


මලල ක්‍රීඩා සංගමයට හෝ ක්‍රීඩා අමාත්‍යංශයට එවැනි සංවාදයක් සිඳු වුණා ද නැද්ද යන්න ගැන පරීක්ෂණයක් පැවත්විය හැකියි.වඩාත්ම වැදගත් ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වී මේ ගැන කරුණු විමසා බැලීමයි.එහෙත් ඒ දක්වා දුර නොයා මේ කාරණයේ සුළු සහ විශාල ලෙස දැකීම එකිනෙකා සිටින ස්ථානය අනුව සාපේක්ෂයි යන්න තේරුම් ගන්නේ නම් එය ක්‍රීඩිකාවගේ මානසිකත්වය ද වැදගත් වෙයි
වර්ෂාව නැවත්වීම කියන කාරණය නම් ප්‍රායෝගිකව කළ නොහැකියි.වර්ෂාව මධ්‍යයේ පැවති තරගයේ දී සිඳු වූ අඩුපාඩු වලින් ක්‍රීඩිකාවට ඔලිම්පික් පරිසාධන මට්ටමට යාමට නොහැකි වූ බවට පළවන මාධ්‍ය වාර්තා ද අසත්‍යය ඒවා බව අපි දනිමු.තරුශිගේ දක්ෂතාවය ඔපිම්පික් සුදුසුකම් ලැබීමේ ලේඛණයේ ඉහළ නඟින්නට ද හේතු වුව ද,අඩු පාඩු නොවුණානම් ඒ තත්ත්වය තවත් සුරක්ෂිත තැනකට තරුශිව ඔසවා තබන්න හේතු වන්නට තිබිණි.ඇත්ත එය බව තාක්ෂණික අඩු පාඩු ගැන සමන් පවසන කතාවෙන්ම පැහැදිළිය.එම තාක්ෂණික අඩුපාඩුව සුළුවන්නේ ලැබුණු ප්‍රතිපලයට සාපේක්ෂවය.නිමාලි ලියනාරච්චි එම තරගයේ නොසිටියානම් සමහර විට තරුශිගේ කාලය මීටත් පහත වැටෙන්නට ඉඩ තිබුණු බව තරග නිරීක්ෂණයේ විශාරදයෙකු ලෙස අප සළකන සමන් කුමාර මහතාට අමුතුවෙන් පවසන්න දෙයක් නැත


ලෝකයේ ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් දීර්ඝ කාලයක දත්ත ගබඩා වී ඇති මනසක් සහිත සමන් කුමාර ගුණවර්ධනට මේ කාලය තවත් පහත වැටුණානම් කියන කතාවේ ඔහුට කියන්නට වන්නේ තාක්ෂණික නිලධාරීන්ගේ පැත්තෙන් බරපතල වරදක් සිඳු වූ බවය.මලල ක්‍රීඩාව පමණක් නොව සමහර විට ඉන්දීය සිනමා මාධ්‍යයද ගීත කලාවද,ලංකාවේ ගීත සාහිත්‍යය සහ සිනමාව ගැන ද මහා සාර්වත් ලෙස කරුණු ඇති ග්‍රන්ථයකටත් වැරදුණු තැන් කිව හැකි මහා මතකයක් තිබෙන මතක එකතු කිරීමම ජීවිතය කර ගත් සමන් කුමාර ගුණවර්ධනට මේ ප්‍රතිපලය ඒ සිඳුවීම නිසා ගැස්සුනානම් සිඳු වෙන්න පුළුවන් හානිය ශ්‍රේණිගත කිරීම්වල වැටෙන තැන ඇස් වසාගෙන කියන්නට හැකියාව තිබෙන බව අපි දනිමු.


ඒ මතකයට සහ හැකියාවට ගරු කරන අතරේම තාක්ෂණික නිලධාරීන් අතික් සිඳු වූ වරද සුළු කොට නොසළකා එයින් රිඳුණු මිනිසාට එය දැනෙන තරමෙන් මිම්මක් හදා ගත හැකිනම් එය වැදගත් බව ද අපි යෝජනා කරන්නෙමු.
අපි තරුශි මේ කැළලි මත ඒ ධාවනය හෝ පාදක කරගෙන පැරිස් ගමණට එක්වන බව විශ්වාස කරන අතර ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් කුමන හෝ ක්‍රීඩාවකින් ඔලිම්පික් නියෝජනයට සහභාගි වන්නේනම් එහි ක්‍රීඩාවේ පරිපාලකයන්ට එය වැදගත් බව අපි ද සමන් කියවාකාරයෙන්ම විශ්වාස කරන්නෙමු.එහිදී අදාළ ක්‍රීඩකයින් පමණක් නොව සමහර විට කළමණාකරු ලෙසත් විවිධ නිරීක්ෂණ අවස්ථාවන් සඳහාත් එම ක්‍රිඩාව හරහා ඔලිම්පික් උළෙලට පිරිස සහභාගි කරන්නටත් අවස්ථාව හිමි වන්නේය.ඇත්ත එසේ තිබියදීත් සුළු හෝ අවදානයක් මදි වීමෙන් යම් වරදක් වීම කණස්සලු සහගතය.ඒවා රටේ වගකීම් දරන හැම තැනකම සාමාන්‍ය දේවල් වීම සාමාන්‍ය වීම නිසා අපි මීට පෙර ලියූ සටහනට යෙදූ “තරුවලට පායන්න තැනක් නැති රටක්” යන්නම මෙම සටහනට ද අදාළ බව කියන්නෙමු.
එ් වචන මේ ක්‍රීඩා උළෙලට,මේ සංගමයේ පරිපාලනයට නොව ක්‍රීඩාව හා සබැඳි සෑම තැනකම දකින්නට ලැබෙන ඇත්ත වීමේ ඛේදවාචකයක පායන්න ආසන්න මට්ටමට පැමිණෙන තරුත් නිවී යනු අපි දැක ඇත්තෙමු.විශේෂයෙන්ම මේ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු වැදගත්ම කාරණය වන්නේ අපට දැනෙන හැටියටනම් එකෙක්ට අවුරුදු දෙකයි හතරයි ලෙස සංගම්වල බලයේ සිටින්නට හැකි කාලය සීමා කිරීම නොවේය.එරි මූල්‍ය සැළස්මක් සහිතව අමාත්‍යංශය පැත්තට කට හැරුණු කැට නොවී තමන්ගේ වගකීම යටතේ තිබෙන ක්‍රීඩාව මූල්‍යමය වශයෙන් ස්වාධිනව නඩත්තු කිරීමට සෑම පිරිසක්ම ක්‍රීඩා සංගම් නිලවරණයකට පෙර තමන්ගේ සැළසුම් සහ මූල්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්නා ආකාරය අමාත්‍යංශය හරහා ඡන්දදායක සංගම්වලට ඉදිරිපත් කිරීමය.එවිට ඡන්දෙ දෙන අය බුද්ධිමත්ව වඩාත් පලදායකම කණ්ඩායම බලයට ගෙන එනු ඇත.
එවැනි තත්ත්වයකදී සියලු ක්‍රීඩාවල ජාතික සංචිත නඩත්තු කරමින්,ප්‍රධානම ක්‍රීඩා උළෙලවලට අනුග්‍රහය දෙමින් සහ ක්‍රීඩාවන් හී යටිතල පහසුකම් පෝෂණය කරමින් ක්‍රීඩා අමාත්‍යංශයට ද මීට වඩා පොහොසත් පොළවක් ක්‍රීඩාව වෙනුවෙන් සකස් කර ගන්නට හැකියාව ඇත.එවැනි පොළවක් එනකම් යළිත් කියන්නේ “තරු පායන්න තැනක් නැත.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan