(VIDEO):ආර්ථික අර්බුදය ගැන ඔබ මෙහෙම හිතුවද? අහන්නම ඕන කතාවක්!

Date:

කොළඹ LNW:පුද්ගලයින් වශයෙන් විවිධ ස්වරූපයෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදුවුවද සමස්තයක් ලෙස රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ප්‍රවර්ධනය නොවීම බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය පැවසුවාය.

මහාචාර්යවරිය මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ ජාතික ජන බලවේගයේ හෝමාගම ව්‍යාපාරික හමුව අමතමිනි.

නිදහසින් පසු මෙරට ආර්ථික වර්ධනය වූයේ ඩොලර් බිලියන 94කට වන අතර එම වර්ධනය වාර්තා වුණේ 2018 දී වන බව කියා සිටි මහාචාර්යවරිය පැවසුවේ පසුගිය ආර්ථික කඩා වැටීම නිසා එය නැවත ඩොලර් බිලියන 74ක් පමණ දක්වා පහත වැටුණු බවයි.

ආර්ථිකය මෙලෙස කඩා වැටෙන්නේ කර්මාන්ත කඩා වැටීම නිසා නිෂ්පාදන හැකිලීමෙන් වන බවත් එය සිදුවන ආකාරයත් ඇය එහිදී පැහැදිලි කළාය.

එලෙස නිෂ්පාදනය කඩා වැටීම තුළ 70%කට එහා උද්ධමනයකට මුහුණ දීමට සිදුවූ බවයි ඇය සඳහන් කළේ.

මේ අතර එදා ශ්‍රී ලංකාව නිදහස් ලබන විට ජනපනය හා ශ්‍රී ලංකාව අතර ඒක පුද්ගල අදායමේ වෙනස පැවතියේ ඩොලර් 1ක ප්‍රමාණයක වන නමුත් මේ වන විට ජපානය ඩොලර් ට්‍රිලියන 4.2ක පමණ විශාල ආර්ථිකයක් ගොඩනගාගෙන සිටින අතර ශ්‍රී ලංකාව තුළ ඒක පුද්ගල අදායම ඩොලර් 3500ක පමණ සීමාවේ පවතින විට ජපානය එය ඩොලර් 35000ක් දක්වා වර්ධනය කරගෙන ඇති බවද සීතා බණ්ඩාර මහත්මිය පැහැදිලි කළාය.

එමෙන්ම අපට වඩා පහළින් සිටි කොරියාව ඩොලර් ට්‍රිලියන 1.7ක ආර්ථිකයක් ගොඩනගන අතර වියට්නාමයද ඩොලර් බිලියන 400ක ආර්ථිකයක් ගොඩනගා ගෙන ඇති බව ඇය සඳහන් කරන ලදී.

එමෙන්ම් මෙරට පවතින අයවැය හිඟය සහ වෙළෙඳ ශේෂ හිඟය ද අර්බුදයේ තවත් පැතිකඩක් බව ඇය පැහැදිලි කළාය.

උපයන අදායම වියදමට ප්‍රමාණවත් නොවීම මත ණය තිරසරභාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වී තිබෙන බව කියා සිටි ඇය පැවසුවේ වැඩිම වියදමක් ඇත්තේ ණය සඳහා පොළී ගෙවීමට බවයි.

ඒ අනුව අප රට තුළ ණය තිරසරභාවය අහිමි වී තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණය යහපත්: අද (01) කාලගුණ නිවේදනය

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : සබරගමුව, මධ්‍යම සහ...

IOC සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඛනිජ තෙල් සංස්ථාවේ...

දුමිදුගේ ඇමෙරිකානු බැඩිමින්ටන් සැරිසැරීමේ තවත් පියවරක අවසාන හතරට

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

මැලේසියාවට එරෙහිව දෙපැත්තකින් ගොඩ යන තීරණයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 01,  කොළඹ LNW: මැලේසියා කාන්තා කණ්ඩායමට එරෙහිව තරග...