තවත් ධීවර යාත්‍රාවක් අනතුරක. දෙදෙනෙක් අතුරුදන් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තංගල්ල පරවිවැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව ඇති බව වාර්තා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් සිටියදී ගල් පරයක හැපීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක ය.

ඊයේ (28) දිනයේදී ද ධීවර යාත්‍රා තුනක් අනතුරුවලට ලක්ව තිබුණු අතර ඒවායින් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිව්දෙනෙකු අතුරුදන් වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): සෑම වසරකම, 2025...

අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්

කොළඹ LNW:ජනතාවට මීට වඩා හොඳ සැපවත්,ප්‍රීතිමත් ජීවිතයක් අත්පත්කර දීම...