කීරිසම්බා ප්‍රශ්නයක් තියෙනවා – හාල් රටින් ගෙන්නන්නේම නෑ කියපු ඇමති නාමල් දැන් කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බවත් හෝටල් ක්ෂේත්‍රයට අදාළව සෑම වසරකම යම්කිසි සහල් ප්‍රමාණයක් ආනයනය කිරීම සිදුවුණු බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

“කීරිසම්බා ගත්තාම විශේෂයෙන්ම හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෙනවා. නාඩු සහ සම්බා සහල්වල නම් ප්‍රශ්නයක් නැහැ. කීරිසම්බා සහල්වල යම්කිසි ගැටලු මතුවෙනවා. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන, හෝටල් කර්මාන්තය ඉලක්ක කරගත්තාම එහෙම ප්‍රශ්න මතුවෙනවා. ඒ තත්වයන් තුළ කොහොමත් අපි හෝටල්වලට අදාළ සහල් යම් ප්‍රමාණයක් හැමදාම හැමවිටම රටට ආනයනය කිරීමක් කරලා තියෙනවා”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...