ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 66 දෙනෙකු මිය යයි – UNICEF

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල යුද්ධය අතරතුර ගාසා තීරයේ මන්දපෝෂණයෙන් අවම වශයෙන් ළමුන් 66 දෙනෙකු මිය ගොස් ඇති බව UNICEF සංවිධානය තහවුරු කර තිබේ.

ඊශ්‍රායලය විසින් ගාසා තිරයට කිරි, පෝෂණ අතිරේක සහ අනෙකුත් ආහාර ආධාර ඇතුළුවීම වළක්වමින් දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වී තිබේ.

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව භයානක අනුපාතයකින් ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය නිවේදනය කර ඇති අතර මැයි මාසයේදී පමණක් උග්‍ර මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර සඳහා මාස 6 ත් අවුරුදු 5 ත් අතර ළමුන් 5,119 ක් ඇතුළත් කර ඇති බවයි.

මෙහිදී UNICEF සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ඊශ්‍රායලයේ හිතාමතා ම කරන ලද මාරාන්තික අවහිර කිරීම යුද අපරාධයක් වන අතර එය සිවිල් වැසියන් සමූලඝාතනය කිරීම සඳහා හිතාමතාම කුසගින්න ආයුධයක් ලෙස භාවිතා කරන බවත්, කුසගින්න, රෝග සහ මන්දගාමී මරණයට ගොදුරු වීමට ඉතිරිව සිටින දරුවන්ගේ දුක් වේදනා සම්බන්ධයෙන් ලැජ්ජා සහගත ජාත්‍යන්තර නිහඬතාවය හෙළ දකින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...