අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

Date:

හුදෙකලා තරුවක මුව වසා
අඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයි
නිරිත දිග මෝසමට හසු වූ තණ පඳුරු
පමණ⁣ට වඩා ඉස්සී රැයට යාවෙයි
‘මේ මොන මළ පාළුවක් ද?’
රැහැයියෙක් ගෙවුයන කෙළවරක
හිඳ මොර දෙයි
වතුසුද්ද මලක්
ඉතා සන්සුන් ව ගසකින් නික්මෙයි

තාරකාවක කහ පාටත්
තණ පඳුරු දරණ
අතරමැදි කොළ පාටත්
වතුසුදු මලක කිරි පාටත්
රැහැයි විවේචනයට නතු වෙයි
රතු අරලියා ගසක්
හෙලන්නට මල් නැති ව ළත වෙයි

පොඩි වුණ තණකොල පුසුඹක්
හිස් මොළ සිසාරා පැතිරෙයි
වැඩි දිග ප්‍රශ්වාස සුසුමක්
ළය කුහර හිස් කොට විසිරෙයි
දැඩි ලෙස දරා සිට
ගිලිහුණා යැයි අනුමාන කළ හැකි
කඳුළු බිඳුවක්
වලාකුළකින් ගිලිහෙයි
දඩිබිඩි සුළං රැල්ලක්
අළු කොළ පාට හාත්පස කළඹවා
ඇතිරෙයි

‘බැහැ’ යි සිතු හැමදේම පහසු කෙරුවාට
රැහැයියනි ස්තුතියි නුඹලාට

~ කල්පනා ඇම්බ්‍රෝස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...