Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

0
584
5856NO-THAILAND-POLITICS__O_

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බැංකොක් නුවරදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙන අතර ඒ, තායිලන්ත අගමැතිනි Yingluck Shinawatra ට එරෙහිව වේ.

ඒ, ඇයට ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, හිටපු තායිලන්ත අගමැති තක්සින් සිනවත්‍රාගේ දීර්ඝ කාලීන සතුරෙකු ලෙස සැලකෙන කාම්බෝජ හිටපු අගමැති හුන්සෙන් සමග පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන් වත්මන් තායිලන්ත අගමැතිවරයාට එලෙස ජනතා විරෝධය එල්ල වී ඇති බවයි. ඒ හිටපු කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සමග සිදු කළ දුරකතන සංවාදයේ තොරතුරු අනාවරණ වීමත් සමගයි.

ජාතික දූෂණ විරෝධී කොමිසමේ කාර්යාලයේ මහලේකම් පැවසුවේ කාම්බෝජ අග්‍රාමාත්‍යවරයාගේ දුරකථන ඇමතුම සම්බන්ධයෙන් බරපතල ආචාර ධර්ම උල්ලංඝනයක් පිළිබඳ තම ආයතනය පේටොංටාර්න්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන බවයි.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට එරෙහිව උද්ඝෝෂණ සිදු කිරීමට තායිලන්ත හමුදා ජෙනරාල්වරියකගේ ක්‍රියා කලාපය ද හේතු වී තිබෙන අතර, ඒ පසුගිය මැයි 28 වන දින ගැටුම සිදු වූ ප්‍රදේශය භාරව සිටි කලාපීය තායි හමුදා අණදෙන නිලධාරියා දේශසීමා ආරවුල සම්බන්ධයෙන් කාම්බෝජය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.