යුපුන් හෙට ස්වීඩනයේදී ජවාධිකයින් සමඟ සටනකට

Date:

ඩයමන්ඩ් ලීග් ග්‍රොන්ප්‍රි තරගාවලියේ හෙට ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවත්වෙන අදියරට මීටර් 100 තරගයෙන් ශ්‍රීලංකාව නියෝජනය කරමින් සභාගි වෙන්නට යුපුන් අබේකෝන්ට හැකි වි තිබේ.එම ඉසව්වට වත්මන් ඔලිම්පික් මීටර් 100 රන් පදක්කමේ හිමිකාරයා වන ලෙමොන්ට් ජාකොබ් ද එක්වීමට නියමිතය.

මීටර් 100 ඉසව්ව සඳහා තමන්ගේ හොඳම දක්ෂතාවය අතර තත්පර 10 ට අඩු වූ තරගකරුවන් පස දෙනෙකුම මේ තරගයට එක් ව සිටිනවා.ඒ ආකාරයට සළකන විට යුපුන්ට පසුපසින් සිටින්නේ ස්වීඩනයේ ලාර්සන් හෙන්රික් පමණයි.ඔහුගේ හොඳම දක්ෂතාවය වන්නේ තත්පර 10.20 ක්.නමුත් කාලීන් දක්ෂතාවයන් සළකන විට යුපුන් සිටින්නේ තෙවන තැනයි.ඒ අතර මේ වසරේ තත්පර් 10 ට අඩුවෙන් ධාවනය කරපු ක්‍රීඩකයින් අතර සිටින එක් අයෙක් පමණයි මේ තරගයට සහභාගි වන්නේ..ඒ දකුණු අප්‍රිකාව නියෝජනය කරන අකානි සිම්බානි යි.

ඉහත තත්ත්වය අනුව මේ තරගයේදි දක්ෂයන් සියල්ල තමන්ගේ උපරිමයට පැමිණිමට දක්වන උනන්දුව මත යුපුන්ට ආරම්භයේදී සිය ප්‍රතික්‍රියා වේගය සමඟ ආරම්භක වේගය හොඳින් පවත්වාගෙන යාමට සමත් වුවහොත්, හොඳම කාලයත් සමඟවිශාල වෙනසක් කිරීමට ඉඩ තිබෙනවා.තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද පස්වරු 11.45 ට ආරම්භ කරන්න නියමිතයි.

තරගයට ඉදිරිපත්වන අයගේ නාම ලේඛනය පහත දක්වා තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් යාපාගේ අලස් නඩුවටත් නියෝගයක් ලැබෙයි!

කොළඹ LNW:හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ...

අපිව මෙහෙම ගෙන්වන එක අපිටත් හොදයි.3% දායක සභාවටත් හොඳයි – FCID ආපු මනූෂ කියපු කතාව

කොළඹ LNW:ඉතිහාසය විසින් ගොඩනගා තිබෙන හොරු, වංචාකාරන් පිළිබඳ ඇත්ත...

අධිකරණ සේවා කොමිසම රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයකද ??

අධිකරණ සේවා කොමිසම විසින් ලබාදී ඇති ස්ථාන මාරුවීම් සහ...

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...