*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

ඉන්දියාවට ලෝක කුසලානය දිනා දෙන්න උදව් වුණ ලාංකිකයා

සටහන – නිශ්මං රණසිංහ
ජූනි 30, (LNW) කොළඹ : ලෝකය විවෘතය.එහි දේශසීමා මායිම් දක්ෂතාවයට හැකියාවට අදාළ වන්නේ නැත.දැණුම හැකියාව යනු සීමා මායිම්වලින් කොටු නොවුණු ලෝකයට විවෘත අවකාශයකි.මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවට දිනා දීමට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ සේවය ඉන්දියානු පිතිකරුවන්ට වැදගත් වූයේ ඒ අරුතෙන්ය.
“බව්වා” ලෙස ක්‍රිකට් සමාජය ඇතුළත ප්‍රසිද්ධ උදේනක නුවන් සෙනවිරත්න සිය ක්‍රිකට් හැකියාව තුළින් ඊයේ ඉන්දියාවට ජයග්‍රහණය කරන්නට දුන් දායකත්වය සුළු නැත.විශේෂයෙන්ම විරාට් කෝලි මෙන්ම රෝහිත් ෂර්මා ද නිතර තමන්ගේ වමත් වේග පන්දු යවන්නන්ට මුහුණ දීමේ හැකියාව වර්ධනය කරන්නට ඔහු දුන් සහය ගැන ප්‍රසිද්ධියේම අදහස් ඉදිරිපත් කරන්නේය.ඉන්දීය කණ්ඩායම ඔහු සෑම ජයග්‍රහණයකදීම ඔහුටද සිය ස්තූතිය පුද කරන්නට අමතක නොකරන්නේ පන්දුවට පහර දීමේ සාර්ථකත්වය වෙනුවෙන් කරන කැපවීම සුළු නැති බැවිනි.


පන්දු වීසි කිරීමේ විශේෂඥයෙක් (throwdown specialist) ලෙස ඉන්දීය කණ්ඩායමට සේවය කරන බව්වා කලකට ඉහත එම සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට ද ලබා දී ඇත.ඉතාම කැපවීමෙන් වැඩ කරන්නෙක් හැටියට සේවය කරන්නෙක් ලෙස බව්වාව හඳුන්වා දෙන හිටපු ක්‍රිකට් කළමණාකරුවෙක් වන චරිත් සේනානායක පවසන්නේ පළමුවෙන් පුහුණු සැසියට එන අන්තිමටම පිටව යන පුද්ගලයා ඔහු බවය.
ශාරිරික ශක්තිය සහ වේගය පිිළිබදව මෙන්ම පන්දුව වීසි කිරීමේදි පිතිකරුවා වෙත පන්දුව පැමිණෙන විවිධ කෝන සම්බන්ධයෙන්ද හොඳ අවධානයකින් කටයුතු කරන නිසා පිතිකරුවන්ට සිය සුරක්ෂිතතාවය සකසා ගැනීමට බව්වාගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්ය.


කොළඹ සීසීසී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරග දෙකකට මුහුණ දී ඇති උදේනක නුවන් එහි දී එක් ඉණිමක අර්ධ ශථකයක්ද දවා ගන්නට සමත් වී ඇත.එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් වෘත්තිමය පදනමක් සකසා ගන්නට ඉඩ නොලැබෙන බව්වා ජීවිතට නඩත්තු කරන්නට කලක් පාසල් වෑන් රථ රියදුරේක ලෙස ද සිය ජීවිතය ගෙනා ඇත.


ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහුගේ දෙවන ආගමනය සිඳුවන්නේ ඉන් අනතුරුවය.පුහුණු කටයුතුවලදී ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහයෝගය දීම සදහා එකතු වන උදේනක ඉනික්බිති පන්දු වීසි කරන්නෙක් ලෙස කැපී පෙනෙන්නට ගන්නේ කළමණාකාර ධූරය දැරූ චරිත් සේනානායකගේ මැදිහත් වීම හරහාය.ඔහුට හිටපු පුහුණුකරුවෙක් වූ ග්‍රෙහැම් ෆොර්ඩ්ගෙන් ද හොඳ ඇගයීමක් තිබිණ.එසේම ඔහු එම කාර්යය සඳහා පළමු වරට සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් සමඟ රෝයි ඩයස් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරද්දීය.
කෙසේ නමුත් ස්ථීර තොරතුරු නැතත් කටකතා ලෙස පැතිරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් ඔහුගේ වේගයට අකමැති වූ බවය.ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ඔහු ස්ථිරව සේවට බඳවා ගැනීමක් ද කර නොතිබුණු නිසා ඔහුගේ හැකියාව දැක ඉන්දියාවෙන් කළ ඉල්ලීමට බ්ව්වා එකඟ වී ඇත.මේ සුදුස්සාට සුදුසු තැන කාලය දීපය දේශය නොබලා දීමේ වැදගත්කම ඉන්දියාවට ආශිර්වාදයක් වූ මොහොතක්ය.අපි ඉන්දියාවේ දක්ෂයාට දක්වන සැළකිල්ලට ගරු කරමු.ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් ලෝක සූරතාවය සඳහා ඉන්දියායට සෘජුව උපකාරී වුණ ලංකාවේ මිනිසා වූ උදේනකගේ හැකියාවට හදවතින්ම සුබ පතමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan