මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්භන්ධව සැක පිට නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට!

0
361

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

අද (30) දින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත පුද්ගලයින් 02ක් නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් සිදු කළ දීර්ඝ අභ්‍යන්තර විමර්ෂණයකින් අනතුරුව වන අතර, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‌යංශය වෙත භාරදීමට නියමිත‍ බව වාර්තා වේ.