මැලේසියාව ඉදිරියේ පළමු පරාජය ලබයි – පොදු වැරදි ප්‍රධාන හේතුවයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW:

ශ්‍රී ලංකාව ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ පළමු පරාජය අද අත් විඳිනු ලැබුවා.ඒ මේ තරගාවලි ඉතිහාසයේ වැඩිම අවස්ථා ගණනකදී සූරතාවය දිනා ඇති සහ මේ වන විටත් සූරියන් ලෙස සිටින මැලේසියාව වෙතින්.එහි ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 62 – 40 ක් ලෙසයි.එය තරමක සැළකිය යුතු දරුණු පරාජයක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියට එකතු වන්නේ සූරතාවය දිනා ගැනීමට හැකියි යන විශ්වාසයෙන් නිසයි.


එහෙත් මේ පරාජයට හේතු විය හැකි කාරණා සහ පරාජය වෙනස් කළ හැකි කාරණා ද අවධානයට ලක් විය යුතුයි.ක්‍රීඩා අමාත්‍යවරයා ඉතාම දක්ෂ කණ්ඩායමක් මේ තරගාවලියට ඉදරිපත් කරන බව පැවසුවා.ඇත්තටම නෙට්බෝල් පරිපාලනයේ නිලවරණය නොපැවත්වීම සිඳුවන ප්‍රධාන හේතුවක් වන්නේ යාපනය දිස්ත්‍රික් සංගමයේ ඔවුන්ගේ අනන්‍යතාවය නොසළකා හැර ලේඛණ යොමු කිරීම නිසයි.මේක බරපතල ජාතිකමය වශයෙන් අවධානය යොමු විය යුතු කරුණක් වුණත් ශ්‍රී ලංකාවේ ව්‍යස්ථාදායක සභාවට ක්‍රීඩාවක් හැටියට වටින්නේ විශාල මුදල් සංසරණයක් සිඳුවන ක්‍රිකට් පමණයි.


ඒ නිසා මේ ක්‍රීඩාවල ගැටළු විසදීමට අවධානය යොමු නොවන අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ක්‍රීඩා පරිපාලන කිහිපයක වගකීම සාඩම්බරයෙන් දරමින් සිටිනවා.සමහර විට මේවා දේශපාලන උපක්‍රමවල ගොඳුරක් හැටියට විනාශය කරා ළඟාවෙමින් විනාශ වන්නටත් පුළුවන්.දැනට එසේ වෙමින් පවතින,දේශපාලන වශයෙන් ආණ්ඩුවෙන් බලය ඔවුන්ද නොසැක උඳුරා ගනිමින් සිටින ක්‍රීඩාද තිබෙන නිසා නෙට්බෝල් ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ තුරුළු කරගෙන සිටීමේ දොළ සංසිදීමෙන් ඉනික්බිති කොතැන රැඳෙයිද යන්න සැක සහිතයි.
මේ තත්ත්වය මත පුහුණුකාරිීණි හයසින්ත් පිටත්ව යාමට පෙරම ඇති කළ අනතුරු හැඟවීම වූයේ කණ්ඩායම් සඳහා තරග අත්දැකීම් ලබා දීමට අවස්ථාවක් නොලැබුණ බවයි.එය අත්‍යවශ්‍යය බව අපද එක පයින් පිළිගන්නා අවශ්‍යයතාවයක්.නොට්බෝලය යනු දෙපසකට දෝලනය වන පන්දුවක් සහිත ක්‍රීඩාවක්.එහිදී අත්‍යවශ්‍යය අංගය වන්නේ අනෙකාගේ රිද්මය ඛණ්ඩනය කර තමන්ගේ රිද්මය සහ හැකියාව තුළින් තරගය අත්පත් කර ගැනීමයි..එයට කණ්ඩායමක් ලෙස එකට වැඩ කර ඇති කර ගන්නා රිද්මයේ පොදු සාධකය විනා අන් කිසිවක් වැදගත් නොවේ.
මේ කාරණය ලංකාවේ නෙට්බෝල් පරිපාලකයන්ද තමන්ගේ බල ව්‍යහුය ශක්තිමත් කර ගැනීමට අවශ්‍යය වූ විට නොසළකා හැරිය කාරණයක්.අදටත් සිඳුවිය හැකි සිඳවෙන කාරණයක්.ඒ තුළි් විශාලම මිත්‍යාව ගොඩ නැඟවේ තර්ජනී සිටීම නිසා තරග දිනන බවයි.ඒත් ඒ හැම අවස්ථාවකම තර්ජනී අතට පන්දුව පත් කිරීමේ ක්‍රියාවලියක් තිබුණ බව කිසිවෙකු කල්පනා කරේ නැහැ.එකිනෙකා අතර පදම් වූ සබඳතාවයක් සහ රිද්මයක් සමඟ බැඳි හැකියාවක් තිබුණ බව ගොසිප් ආරෙන් පළවෙන මතවලින් බැහැරව දැන්වත් ක්‍රීඩාව වෙනුවෙන් සිතා කල්පනාවට ගත යුතුයි.


දෙපිළේ සෙන්ටර් ක්‍රීඩකයන්ට ලැබෙන්නේ සම අවස්ථාවන්.එහිදී තර්ජනීට වැඩි අවස්ථාවන් හිමි වෙන්නේ කෙසේද?ඒ ප්‍රතිවාදී සෙන්ටර් ක්‍රීඩිකාව හරහා ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරීමට යන පන්දුව මැඳ පෙළින් හෝ දැල ආවරණය කරන ආරක්ෂිකාවන් දෙපළගෙන් නැවත ශ්‍රී ලංකාවට ලැබෙන නිසයි.අති දක්ෂ විඳින්නය වන තර්ජණි අතට පන්දුව පත්වන යාන්ත්‍රණය ක්‍රියාත්මක වන රටාව තේරුම් නොගෙන හෝ අමතක කර කළ කී දෙයින් වන හානිය නිසා සමාජ ගත වූ පණිවිඩය නිසා සමහර විට ක්‍රීඩාවේ ඉහළ පුටුවල අයට දැනෙන්නේ තරග අත්දැකීම් අත්‍යවශ්‍යය නොවන අමතර මුදල් වැය කිරීමක් ලෙස විය හැකියි.


මේ කාරණාවන් මේ තරගය ඇසුරෙන් විසිතර කරන්නට ගියහොත් තරගයේ ජීඑස් සහ ජඒ ලෙස ක්‍රියා කළ ක්‍රීඩිකාවන් වන භාසි උඩගෙදරට සහ මිහිඳුම් කීර්තිසිරි අදක්ෂයි කීමට සාක්ෂි නැහැ.සමහර විට ඊට වඩා දක්ෂ විය යුතුව තිබුණා කියා කෙනෙක්ට කිව හැකියි.ඇත්තටම ලැබූ ලකුණු 40 වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය කුමක් වුණාද? භාෂි තමන්ට ලැබුණ විදීම් 22 න් 19 ක් සාර්ථක කරගෙන තිබෙනවා.එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 86 ක් වෙනවා.මිහිඳුගේ යොමු කිරීම් 25 න් 21 ක් නිවැරදිව සිඳුව තිබෙනවා.අවසාන ප්‍රතිපලය හැටියට ලකුණු 40 ක් ලැබීම අමතක කර ඔවුන්ට ඒ සඳහා පන්දුව ලැබී ඇත්තේ 47 වතාවක් පමණයි යන්න සළකා බලා මැලේසියාව ලැබූ ලකුණු 62 අමතක කර ඔවුන් ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කර අවසථා ගණන සිතන්න.ඔවුන් උත්සාහයන් 70 ක් කර තිබෙනවා.


එහි අදහස ශ්‍රී ලංකා දැල ආක්‍රමණයට අවස්ථා 70 දී පන්දුව එද්දී මැලේසියා දැල ආක්‍රමණයට ශ්‍රී ලංකාවට පන්දුව එන්නේ අවස්ථා 47 දී පමණයි.එවිට ලකුණකින් පසුව අවස්තා 70 ක් පන්දුව මැලේසියා පිළ වෙත ඇවිත් නැත.සිඳුවී ඇත්තේ 117 වතාව කණ්ඩායම් දෙකට 58 සහ 59 ලෙස බෙදී යාමය.එම අවස්ථාවේ 59 මැලේසියාවට බව සිතන්න.එවිටත් වැඩි වෙන්නේ එක අවස්ථාවකි.දැන් සිඳුව ඇත්තේ ලංකාවට ලැබුණු අවස්ථා 58 න් 47 දී හැරෙන්න පන්දුව මැලේසියාව ඩැහැගෙන තිබීමය.තරග අත්දැකීම් සහ හොඳ භූමි පහසුකම් අවශ්‍යය මේ අඩුව පිරවීමටය.දැන් මේ ගණන හදා ගන්නට පහසුය.අපට 11 ක් අඩුවි ඇත.මැලේසියාවට අවස්ථා 59 ක් යැයි සිතන්න.ඔවුන් 11 ක් ලංකාවෙන් ඩැහැ ගෙන ඇත.දැන් ක්‍රීඩාව නොදත්තේ වුව ද ගණන් දන්න අයට මේ සමීකරණය විසඳාගන්න පහසුය.පරතරය ඇත්තේ තරග අත්දැකීම්වල හිඟකමය.
ඊට අමතරව තරගයේ ලකුණු සටහනට යොමුවීමෙන් ද සිඳුවී ඇති දේ පැහැදිළි කර ගැනීමට හැකියි.
පළමු වටයේ ලකුණු 14 – 10 ක් ලෙස මැලේසියාව පෙරමුණ ගත්තේය.දෙවන වටයේදී 11 – 9 කි.ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉකුත් ලෝක සූරතා තරගාවලියේ සිට අප අධ්‍යයනය කර පවසන කතාවක් වූයේ ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයකදි වඩාත් පසුබෑමට ලක්වන තරග වටය 3 වන වටය බවය.මේ තරගයේදී ද තුන්වන වටයේදී මැලේසියානු දැඩි ප්‍රහාරය ශ්‍රී ලංකාවට එල්ල විය.එහි ලකුණු තත්ත්වය 21 – 8 ක් විය.තෙවන වටයේ දී යළි ලකුණු තත්ත්වය 16 – 13 ක් ලෙස මැලේසියාවටම ජය හිමි වූ අතර හැම කාර්තුවක් අවසානයේම පෙරමුණ ගැනීමට මැලේසියාවට හැකි විය.


ඒ නිසා දැනටමත් කිවහැකි වන්නේ මෙවැනි තරගාවලියක් සඳහා හුදෙකලාව දක්ෂයන් සොයා යවා පලක් නැති බවය.ඒවා කණ්ඩායමකට පාහන්නේ කොහොමද කියා කල්පනා කරන ඔළු ඉහළින් තිබිය යුතු බවය.
වඩාත් හොඳින් මේ තත්ත්වය තේරුම් ගැනීමට ලකුණු සටහන ක්‍රියාත්මක වූ ආකාරය ක්‍රීඩිකාවන්ගේ දායකත්වය පෙණෙන කොටස් ලකුණු සටහනෙන් ගෙන මෙහි දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...