සන්ටෝ ගියේ ඇයි?

Date:

නිශ්මං රණසිංහ ජුනි 30, කොළඹ LNW:

නජ්මුල් හොසේන් සන්ටෝ ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් පරාජය වූ සැනින් නායකත්වය එපා වී ඉල්ලා අස් වී ඇත.
ඒ ඇයි?
ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන බංගලාදේශයට වඩා අතිශයින් දුර්වල රටක්ව පවතින නිසා ද?
එසේ විය නොහැකිය.ශ්‍රී ලංකාව 6 වන තැන සහ බංගලාදේශය සිටින්නේ නවවන තැනය.ඒ නිසා තරගය පිටතින් සිට දකින යිට කණ්ඩායම් දෙක සිටින තත්ත්වයන්ට සාපේක්ෂව බංගලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජයවීමට වඩා ශ්‍රී ලංකාව ඉදිරියේ බංගලාදේශය පරාජය වීම සාමාන්‍ය තත්ත්වයක්ය.


ඔහු ප්‍රමාණවත් දස්කම් දැක් වූයේ නැද්ද?
ඔහු කණ්ඩායම් දෙකේම දස්කම් සසා බලද්දි පෙරමුණේ සිටින පිතිකරුවෙකු විය.ඔහු පළමු ටෙස්ට් තරගයේදී ශතක දෙකක්ම ලැබීය.
එසේනම් සන්ටෝ යන්නේ පරාජය නිසාය යන හෝ අදක්ෂතාවය නැතිනම් ලකුණු අතර නොමැති වීම කියන කාරණාවන් සන්ටෝගේ ඇතුළත හදවත කියා නොපාන කතාවක් විය යුතුය.
පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය ආසන්නයටම ගෙන එන්නට බංගලාදේශ නායකයාට හැකි විය.එහෙත් තත්ත්වය එසේ තිබියදී බංගලාදේශය එක්දින කණ්ඩායම නම් කිරීමේදී සන්ටෝගේ නායකත්වය මෙහදි හසන් මිර්සා ට පවරා තිබිණ.එය පල නොකියා පලා බෙදීමක් බව නොතේරෙන්නට සන්ටෝ බබෙක් නොවේය.


ඒ සංඥාව සන්ටෝ ක්‍රමයෙන් නායකත්වයෙන් ඉවත් කරන බවට කළ සංඥාවක්ය.සමහර විට එසේ ඉවත්වීම සුදුසු විය හැකි පෞද්ගලිකව සන්ටෝට බලපාන ප්‍රශ්න ද තිබිය හැකිය.ඒවා මේ ගැටළුව වෙනස් විදිහකට දකින අයගේ පරික්ෂාවට ලක් වනු ඇත.ඒවා සමහර විට බංගලාදේශ ක්‍රිකට්වලට එරෙහිව අද සන්ටෝ ගැන දැනෙන හැඟිමේ දෙකොන එදාට මාරු වෙන්නටත් ඉඩ ඇත.
එතෙක් සන්ටෝ ඉවත් වුණේ ශ්‍රී ලංකාවට පරාජය වීම නිසාය කියන කාරණය පිළිගත හැකි එකක් නොවන බව දත යුතුය.සමහර විට එක්දින තරගාවලියේදී මෙහදි හසන් ගැන අපට අලුත් කියවීමක් ලබා ගත හැකිය.විශේෂයෙන් සන්ටෝ ඔහු යටතේ ක්‍රීඩා විට මෙහි ඇති ගිනි සිළු එළියට විහිදෙන්නටත් ඉඩ ඇත.කෙසේ හෝ කොයි වෙලේ අළු විය හැකිද යන සැකය කණ්ඩායම තුළම තබාගෙන සිටින පිරිසකගේ අවිනිශ්චිතභාවය හොඳින් අවබෝධයෙන් භාවිතයට ගතහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලියේදී තවත් කඩඉම් ගැන අවධානය යොමු කරන්නට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...