යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් යුරෝපය පුරා වාර්තාගත තාප අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බව වාර්තා වේ.

ප්‍රංශයේ ප්‍රධාන භූමි කලාප 96 න් 84 ක් පමණ තැඹිලි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර මෙය පෙර නොවූ විරූ තත්වයක් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙවන විට ප්‍රංශය පුරා පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇත.

මේ වන විට ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ක්‍රොඒෂියාව ඇතුළු බෝල්කන් රටවල කොටස් සඳහා ද තාප අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර පසුගිය සෙනසුරාදා(28) ඇන්ඩලුසියා හි එල් ග්‍රැනාඩෝ හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් වාර්තා වූ අතර මධ්‍යම පෘතුගාලයේ මෝරා නගරයේ සෙල්සියස් අංශක 46.6 ක් වාර්තා විය.

රෝමය, මිලාන් සහ වැනීසිය මෙන්ම සාඩීනියාව ද ඇතුළුව ඉතාලි නගර 21 ක් ද මේ තත්වයට මුහුණ දී ඇති අතර ඉතාලි හදිසි වෛද්‍ය සංගමයේ උප සභාපති මාරියෝ ගුවාරිනෝ AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ රට පුරා රෝහල් හදිසි සේවා දෙපාර්තමේන්තු වල තාප ආඝාත රෝගීන් 10% කින් ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් රාජධානියේ සමහර ප්‍රදේශවලට සඳුදා දිනයේදී ජුනි මාසයේ උණුසුම්ම දිනවලින් එකක් දැකිය හැකි අතර එංගලන්තයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය 34C හෝ ඊට වැඩි විය හැකිය. අගනුවර වන ලිස්බන් ඇතුළු දිස්ත්‍රික්ක හතක් ඉහළම සීරුවෙන් සිටින පෘතුගාලයේ ද එය සමාන තත්වයකි.

මේ අතර, ජර්මානු කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා ඇත්තේ අඟහරුවාදා සහ බදාදා දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38කට ආසන්න විය හැකි අතර එය තවත් වාර්තාගත උෂ්ණත්වයක් විය හැකිය.

ග්‍රීසියේ උෂ්ණත්වය දින කිහිපයක් තිස්සේ සෙල්සියස් අංශක 40 ට ළඟා වෙමින් පවතින අතර පසුගිය සතියේ ඇතන්ස් අගනුවර අසල වෙරළබඩ නගරවල ලැවුගිනි තත්වයන් පවා ඇති විය.

මිට අමතරව සර්බියාව, බොස්නියාව, ස්ලෝවේනියාව, උතුරු මැසිඩෝනියාව, පසුගිය සතිය තුළ ඉහලම උෂ්ණත්වයන් අත්විඳි අතර බොහෝ රටවල හදිසි වෛද්‍ය සේවා සූදානම්ව ඇති අතර හැකිතාක් එළිමහනට නොපැමිණෙන ලෙස ජනතාවට අනතුරු අඟවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ලිංගික අපරාධකරුවෙක්ට දුන් යස දඩුවම!

කොළඹ LNW:සයිබර් ලිංගික අපරාධ සිදුකළ පුද්ගලයෙක්ට දකුණු කොරියානු අධිකරණය...

පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා වෙනුවෙන් මාර්ගෝපදේශ!

කොළඹ LNW:පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලබන...

ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාතේ සංචාරක ප්‍රවර්ධන සැලැස්මක්!

කොළඹ LNW:ආකර්ෂනීය ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් සංචාරක උපාය...

BOI වෙතින් විදේශ සෘජු ආයෝජන පිළිබඳ ධනාත්මක හෙළිදරව්වක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : 2025 සැප්තැම්බර් දක්වා...