කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

Date:

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

අද (30) දින ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,000 සීමාව ඉක්මවීමට සමත් වූ බව වාර්තා වේ. අද දින ගණුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 153.98 කින් ඉහළ ගොස් ඒකක 18,014.86ක් ලෙසින් දැක්වුණි. එහි දී සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන සමාගම්වල කොටස් මිල ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණු අතර අද දින සමාගම් 126ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු බවද වාර්තා විය.

තවද, S&P SL20 මිල දර්ශකය ඒකක 62.74 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 5,345.80 ක් ලෙසින් සටහන් වූ අතර. අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 6.38ක් ලෙස වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...