ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රට තුළ දැවැන්ත අර්බුධයක් පවතින සමයක එම අර්බුධයට මුවා වී රටේ වටිනා සම්පතක් වන කොලොන්නාව තෙල් පිරිපහදුව විදෙස් රටවලට විකිණිමට රාජපක්ෂ පවුල ප්‍රමුඛ මේ රජය ගන්නා වූ උත්සාහය තරයේ හෙළා දකින බවත් ඒ සඳහා සම්බන්ධ වන සියලුම අමාත්‍යවරුන්ට, ලේකම්වරුන්ට සමගි ජන බලවේග රජයක් යටතේ නීතිය හමුවට ගෙන විත් දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළොන්නාව තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ 100%ක් භූමිතෙල් අවශ්‍යතාව ද 50%ක් පමණ ගුවන් යානා තෙල් මෙන් ම 100% නැක්ටා අවශතාවද, ඩීසල් 30%ක් පෙට්‍රල් 14%ක් ගෑස් 8%ක් දැවිතෙල් 75-100% අතර ලබා දිය හැකි වටිනා සම්පතක් බවත් මේ රටේ අදූරදර්ශී අකාර්යක්ෂම රාජ්‍ය පාලනය රට තුළ සිදුව තිබෙන බිදවැටීමක් නිසා මේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න හදන බවත් පැවසු විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සතුව තිබෙන වටිනා ආයතන පාවා දෙන්න හදනවා නම් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකාවන්ව එකතු විය යුතු බවයි.

එසේ ම මේ රාජ්‍ය සම්පත ආරක්ෂා කර ගැනීම සදහා පෙරට පැමිණි ඛනිජ තෙල් වෘත්තීය සමිති ඇතුළු සේවකයන් සියලු දෙනාට ස්තූති කරන බව ද විපක්ෂ නායක වරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (28) වෘත්තීය සමිති නියෝජිත පිරිසක් සමඟ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

සමගි සේවක සංගමය නියෝජනය කරමින් සේනක පෙරේරා,සරත් අබේරත්න, මනුල චමිල් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් කේ පී චමින්ද, එස් වී මායාදුන්න,පොදු සේවක සංගමය නියෝජනය කරමින් අශෝක් රන්වල, මනෝජ් විජේවීර, විධායක නිලධාරී සංගමය නියෝජනය කරමින් ආර්.ඒ,ඩී තිලංග, ජාතික සේවක සංගමය නියෝජනය කරමින් ඒ සී වසන්ත, වීරබාහු පෙරේරා, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය නියෝජනය කරමින් එල්.ඩී, සමරකෝන්, එල් ප්‍රියදර්ශන, ඉන්ජිනේරු සංගමය නියෝජනය කරමින් විකුම් මාධව, ජනක උදාන, ලසන්ත ඒකනායක, ලක්සිරි රණතුංග, පිරිපහදු කිරීමේ එකමුතුව නියෝජනය කරමින් අග්‍රා වීරසිංහ,චලක විජේසිංහ, ඇතුළු නියෝජිත පිරිසක් ඊට එක්ව සිටි අතර සමගි ජන බලවේගය ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නියෝජිත පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. මේ වනවිට රට මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳවත්, එයින් රට ගොඩනැඟීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...