රට වැනසූ හොරු සමඟ අපේ ඩීල් නැහැ (VIDEO)

Date:

පසුගිය ජනාධිපතිවරණය කාලයේ දී වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විසින් ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පැවසුවත් මේ වන විට රටේ ජාතික ආරක්ෂාව නැත්තටම නැති වී ඇති බවත් ඔවුන් ජාතික ආරක්ෂාව යැයි සැලකුවේ මිලිටරි ආරක්ෂාව මිස ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නොවන බවත් ඒ හේතුව නිසා අප රට මේ වන විට නැතිබැරි දුප්පත් රටක් ලෙස ලෝකය තුළ අපේ ආත්ම අභිමානය නැති වී ඇති බවත් අද (30) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය වැනි බිල්ලන් මවා ජාතික ආරක්ෂාව ලෙස ඔවුන් මිලිටරිකරණය හැඳින්වූ අතර ඒ හේතුව නිසා ජාතික ආරක්ෂාවේ සැබෑ අර්ථය වන අධ්‍යාපනික, සෞඛ්‍ය, කෘෂිකාර්මික ආරක්ෂාව නැති වී ඇති බවත් මේ හේතුව නිසා විදෙස් රටවලින් ආධාර ඉල්ලා හිඟා කෑමේ තත්ත්වයට රට පත්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙකී හිඟා කෑම තුළ අප රටේ සම්පත් දැවැන්ත අවධානමකට ලක්ව ඇති බවයි.

එසේ ම එම අවධානම හමුවේ ද මොවුන් සොරකම, වංචා දුෂණය ආදිය සිදු කරමින් යන බවද පැවසීය.

එබැවින් මෙවැනි තත්ත්වයක් රටට උදා කළ වත්මන ආණ්ඩුව සමඟ කිසිසේත්ම හවුල් පාලනයක් ගෙන නොවන බවත් එසේ සිදු කළහොත් එය ජනතා අරගලය පාවා දීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේය.

වත්මන් ජනාධිපතිවරයා, රාජපක්ෂ පවුල සහ වංචා දූෂණවලට ලක්වූ පිරිස් පළවා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කර සහභාගීත්ව සංවර්ධනයක් රට තුළ ස්ථාපිත කරන බවයි. එකී සහභාගීත්ව සංවර්ධනය තුළින් ජනතාවටද රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී විය හැකි රාජ්‍ය සභාවක් ඇති කර එය මසකට වරක් සක්‍රීය කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ සිටින දූෂණ, වංචා චෝදනා නැති අවංක ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයන් කිහිප දෙනකු සිටින බවත් ඔවුන් සමඟ සහයෝගයෙන් ඉදිරියේ දී වැඩකිරීමට සූදානම් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ වල පක්ෂවල නායකයින් මුණගැසී ඔවුන් සමඟ සාකච්ඡා කරන සාකච්ඡා මාලාවේ දෙවැන්න අද විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...