ඩෙංගු වැඩිවීමේ ප්‍රධාන හේතුව ජනතාව තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීමයි – ඇමතිනී කෞෂල්‍යා

ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රධානතම හේතුවක් වන්නේ ජනතාව තමතමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.

“ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක් ලංකාවෙන් හම්බුවෙලා තියෙනවා. ඒකට එක ප්‍රධාන හේතුවක් තමයි තමතමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම ලෙසයි අපි දකින්නේ. මොකද රජයකට, විශේෂයෙන් නගරසභාවලට සහ පළාත් පාලන ආයතනවලට පිරිසිදුකිරීමේ වගකීම හැරුණාම ඔබේ නිවෙස්වල, ඔබේ ගෙවත්තේ පිරිසිදුකිරීම් පිළිබඳ වගකීම පැවරෙන්නේ ඔබටමයි. ඉතින් මේක ජාතික වැඩක් හැටියට සලකලා ඔබේ අතේ තියෙන අතිමහත් වගකීම ජාතිය වෙනුවෙන් ඉෂ්ඨ කරන්න. ඔබේ නිවස පිරිසිදුව තබාගන්න බොහොම සැලකිල්ලෙන් ඉන්න”

කෞෂල්‍යා ආරියරත්න නියෝජ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවේ පොසොන් පෝය වෙනුවෙන් ඊයේ (29) හෝමාගම ප්‍රදේශයේ පැවති භක්ති ගීත වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...