*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම – විකල්ප සහ වාසි

ලංකාවේ දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ මූලික කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා. ජාත්‍යන්තර අත්දැකීම් හා සසඳද්දී මෙවැනි කෙටි කාලයක් තුළ මේ කටයුත්ත අවසන් කර ගැනීම විශාල ජයග්‍රහණයක් සේ සැලකිය හැකියි. එමෙන්ම ලංකාවට ඉතා වාසිදායක ලෙස මෙය සිදු වී තිබෙනවා.

අප ප්‍රශ්නයේ මුලට ගියහොත්, රජය මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්නය වූයේ විදේශ ණය ආපසු ගෙවිය නොහැකි වීමයි. එම ප්‍රශ්නයට පිළියමක් ලෙස, 2028 දක්වා වන කාලය තුළ ඩොලර් මිලියන 17,183ක විදේශ ණය සහනයක් අවශ්‍ය වී තිබුණා. එවැනි සහනයක් ලබා ගැනීම ඉතා අභියෝගාත්මක කාර්යයක්. කෙසේ වුවද, මේ වන විට මේ හා අදාළ මූලික එකඟතා ඇති කරගෙන තිබෙනවා.

රටේ විදේශ ණය බර අඩු වෙන්නේ පහත ආකාරයෙනුයි.

ද්විපාර්ශ්වික ණය:

  • ණය කපාහැරීමක් සිදු වන්නේ නැහැ
  • වසර 9ක කාලයක්, එනම් 2033 වන තුරු, ණය ආපසු ගෙවීමක් සිදු වන්නේ නැහැ.
  • වසර 9කට පසු ණය ගෙවීම ආරම්භ කර වසර හයක කාලයක් තුළ එනම් 2033-2038 අතර වාරික වශයෙන් ණය ආපසු ගෙවීම සිදු කරනවා.
  • මෙම ණය සඳහා පොලිය වසරකට 1.5% මට්ටමට සීමා කර තිබෙනවා.
  • දැනට නොගෙවා ඇති පොලී මුදල් ගෙවන්නේ රුපියල් වලින්.
  • මේ අනුව, වසර ගණනක් ණය ගෙවීම පමා කිරීමෙන් හා පොලී 1.5% මට්ටමට සීමා කිරීමෙන් ශ්‍රී ලංකා රජයට විශාල වාසියක් ලැබෙනවා.

වාණිජ ණය:

  • මෙම ණය වලින් 30%ක් ක්ෂණිකව කපා හරිනු ලබනවා.
  • ඉතිරි 70% වසර හයක කාලයක් තුළ, එනම් 2024-2029 අතර අනුපාතිකව ආපසු ගෙවනවා.
  • ණය 30%කින් කැපීමට අමතරව මෙම ණය සඳහා පොලිය වසරකට 4% මට්ටමට සීමා කර තිබෙනවා.
  • දැනට නොගෙවා ඇති පොලී මුදල් ගෙවන්නේ රුපියල් වලින්.
  • මේ අනුව, ණය වලින් 30%ක් කපා හැරීමෙන් හා පොලී 4% මට්ටමට සීමා කිරීමෙන් ශ්‍රී ලංකා රජයට විශාල වාසියක් ලැබෙනවා.

විදේශ ව්‍යවහාර මුදලින් ලබා ගෙන ඇති දේශීය ණය:

ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ණය සියල්ලම විදේශ ණය නෙමෙයි. උදාහරණයක් ලෙස ස්වෛරිත්ව බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් අයිති ලංකාවේ වාණිජ බැංකු වලටයි. ඔවුන්ට තමන්ගේ ණය ආපසු ලබා ගැනීම සඳහා විකල්ප තුනක් ලැබෙනවා.

  1. ඉහත ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවන ක්‍රමය
  2. ඉහත වාණිජ ණය ආපසු ගෙවන ක්‍රමය
  3. රුපියල් වලින් ණය ආපසු ලබා ගැනීම

මුල් විකල්ප දෙක ගැන දැනටම විස්තර කර අවසන් නිසා තෙවන විකල්පය ගැන පමණක් කියන්නම්.

දේශීය ඩොලර් ණය රුපියල් වලින් ආපසු ලබා ගැනීමේ විකල්පය:

  • කිසිදු ණය කපා හැරීමක් සිදු නොවේ.
  • වසර දහයක කාලයක් තුළ, එනම් 2024-2033 අතර අනුපාතිකව ණය ආපසු ලබාගත හැකියි.
  • එම කාලය තුළ මහ බැංකුවේ තැන්පතු පොලී අනුපාතිකයට වඩා 1%කින් වැඩි වෙනස් වන පොලියක් ලැබෙනවා.

මේ අනුව, වාණිජ බැංකු සතු ඩොලර් ණය ප්‍රතිව්‍යුගත වීම නිසා බැංකු වලට සැලකිය යුතු බලපෑමක් සිදු වෙනවා. ඒ හැර බැංකු සතු රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ නැහැ.

රුපියල් ණය ප්‍රතිව්‍යුහගත කෙරෙන්නේ කොහොමද?

මහ බැංකුවෙන් ලබා ගෙන ඇති ණය:

  • මෙම ණය සියල්ල භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කෙරෙනවා.
  • එම බැඳුම්කර කල් පිරෙන කාලය 2029 සිට 2038 දක්වා වසර දහයක කාලයයි.
  • මෙම බැඳුම්කර සඳහා 2024දී 12.4%ක කූපන් පොලියක්ද, 2025 හා 2026 වසර වලදී 7.5%ක කූපන් පොලියක්ද, ඉන්පසුව 5%ක කූපන් පොලියක්ද ලැබෙනවා.

සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර:

  • මෙම බැඳුම්කර වඩා දිගුකාලීන බැඳුම්කර සමඟ හුවමාරු කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා.
  • අලුතෙන් නිකුත් කරන බැඳුම්කර 2027-2038 අතර වසර දොළහක කාලය තුළ කල් පිරෙනවා.
  • මෙම බැඳුම්කර වෙනුවෙන් 2025 වසර දක්වා 12%ක පොලියක් ලැබෙන අතර ඉන් පසුව දිගටම 9%ක පොලියක් ලැබෙනවා.
  • මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනය නොගතහොත් දැනට මෙම අරමුදල් මත අය කෙරෙන 14%ක සහනදායී විශේෂ ආදායම් බද්ද 30% දක්වා වැඩි කෙරෙනවා. ඒ අනුව, බැඳුම්කර හුවමාරුව වඩා වාසිදායක වෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු නොකළහොත්, 2027-2032 කාලය තුළ ණය වාරික ආපසු ගෙවීම සඳහා දදේනියෙන් 11.2%ක්ද, පොලී ගෙවීම් සඳහා තවත් 7.9%ක්ද ලෙස දදේනියෙන් 19.1% අවශ්‍ය වන නමුත් රජයේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 2.3%ක් පමණක් නිසා තවත් 16.8%ක හිඟයක් තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙම හිඟය දදේනියෙන් 12.7% දක්වා අඩු කර ගත හැකියි.

මෙය දදේනියෙන් 4.1%කින් ණය ගෙවීමේ බර අඩුවීමක්. එයින් 2.6%ක්ම අඩුවන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා. මහ බැංකුව විසින් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා තවත් 1.0%ක වාසියක් ලැබෙන අතර විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තවත් 0.5%ක වාසියක් ලැබෙනවා. ඉතිරි 0.1% වාණිජ බැංකු වලින් ලබාගෙන තිබෙන විදේශ ව්‍යවහාර මුදල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වාසියයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan