මෙණ්ඩිස්ගේ කොල්ලො සිම්බාබ්වේ සලිත කරති

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයට පැමිණි ඕමානය දැනටමත් පෙරළියක් කර හමාරය.ශ්‍රී ලංකාව ද සිටි කාණ්ඩයෙන් තරග කළ ඕමානය ටෙස්ට් රටක් වන අයර්ලන්තයද,කලක් මැද පෙරදිග ක්‍රිකට් ආධිපත්‍ය්‍ය දැරූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද පසු කර සුපිරි හය වටයට පැන්න පිම්ම සුළු නැත.


සුපිරි හය වටයේ ආරම්භක තරගයේ දී ඕමානය සත්කාරක සිම්බාබ්වේ ඉදිරියේ නැවත සනාත කර පෙන් වූයේ ඔවුන්ගේ තේරීම අහම්භයක් නොව දක්ෂතාවන් සඳහා හිමි වූ අවස්ථාවක් හැටියටය.සත්කාරකයෝ මේ තරගාවලියේ මේ වන විටත් අල්ලා ඇති අඩව් පහසු ඒවා නොවේය.විශේෂයෙන් තමන්ගේ කාණ්ඩයේ සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද පරාජය කරමින් ඉදිරියට පැමිණි ඔවුන් සහ ශ්‍රී ලංකාව පමණක් මේ වන විට මේ තරගාවලියේ අපරාජිතයෝ වෙති.


මේ අපරාජිත බවට ප්‍රධාන වශයෙන්ම සිම්බාබ්වේට හේතු වන්නේ ෂේන විලියම්ස්ගේ සුපිරි පිති හරඹය අඛණ්ඩව ලබා දෙන ශක්තිය සහ සිකන්දර් රාසා ගේ තුන් තුන් ඉරියව් දස්කම් ද නිරතුරුව එකතු වන බැවින්ය.තවමත් ඒ දෙදෙනා නැතිනම් කුමක් විය හැකිද යන්න ගැටළුකාරී බව අද ඕමානය ඉදිරියේද සනාත විය.විලියමිස් පන්දු 103 න් ලැබූ ලකුණු 142 මෙන්ම සිකන්දර් රාසා 42 ත් සිම්බාබ්වේ කණ්ඩායමට වැදගත් විය.ලුක් ජොන්ග්වේ අවසාන භාගයේදී පන්දු 28 දී නොදැවී ලකුණු 43 ක් ලැබුවත් රාසා සහ විලියම්ස් පන්දු 102 දී සිව්වන කඩුල්ලට එකතු කළ ලකුණු 102 සබඳතාවය සිම්බාබ්වේ ඉණිමේ ජීවය විය.
ඒ සබදතාවය පදනම් කරගෙන ගොඩ නැඟුණු සිම්බාබ්වේ ඉණිම ලකුණු 332 ක් දකවා දුරට ගිය ගියේ කඩුලු 7 ක් ද අහිමි කර ගනිමින්ය.නමුත් ඕමානය එයින් සලිත වූ බවක් නොපෙන්වීය.සලිත වීම සිම්බාබවේ දෙසට හරවමින් ආරම්භක පිතිකරු කාශ්‍යයප් ප්‍රජාපතී ගේ පිත්ත දැඩි ස්වරයෙන් කතා කරන්නට විය.ඔහු අකීබ් ඉල්යාස් සමඟ ලකුණු 73 ක් දෙවන කඩුල්ලට එකතු කළේය.ඕමානයට ජයග්‍රහණයට හරස් වූ ප්‍රධාන සාධකයක් වෙමින් නායක ශෙෂාන් මක්ෂූඩ් පිතිකරණයේ දී ආබාධයකට ලක් වීම දැක් විය හැකිය.වඩාත්ම නරක තත්ත්වය ඇති කරමින් ජයග්‍රහණයට හරස් වූයේ සින්දර් රාසා ය.හොඳින් පන්දුව දකිමින් පන්දු 97 න් ලකුණු 103 ක් රැස් කරගෙන සිටි කාශ්‍යයප් දවා ගන්නට රාසා රැකගත් උඩ පන්දුව තරගයේ ජයග්‍රහණ සුක්කානම සිම්බාබ්වේ පැත්තට කැපෙන්නට පටන් ගත් වැදගත්ම අවස්ථාව විය.


සිම්බාබ්වේ නායක ක්‍රේග් එර්වින්ස් ම තරගය හිතුවට වඩා අමාරු වූ බව පිළිත්තේය.එම ජය විශාල සහනයක් බවත්,මෙවැනි තරගයක් ඊ ළඟට තරග කරන්නට තිබෙන ශ්‍රී ලංකා තරගයට පෙර ලැබීමත් ඔහු ආශිර්වාදයක් කොට සිතන බව කිව්වේය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට ඔබට පහත සබඳතාවෙන් පිවිසෙන්නට හැකිය.


https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/zimbabwe-vs-oman-21st-match-super-six-1377766/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...