විදුලි බිල් අඩු කෙරේ !

Date:

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 14.2% කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව ඒකක 0ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට රුපියල් 30ක් ලෙස අය කළ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 400 සිට රුපියල් 150 දක්වා අඩු කර ඇත.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ එක් ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 32 දක්වා අඩු කර ඇති අතර එම කාණ්ඩය සඳහා රුපියල් 650ක් ලෙස අය කළ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 300 දක්වා අඩුකර තිබේ.

ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය සඳහා ඒකකයක ගාස්තුව රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කර ඇති අතර මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට රුපියල් 1000 දක්වා අඩු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...