විරේන් ඔලිම්පික්වලට පෙර තීරණාත්මක ජාත්‍යන්තර තරගාවලි දෙකක

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 01, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍ය ලද විරේන් නෙත්තසිංහ එම සුදුසුකම් ලබා ගැනීමෙන් ඉනික්බිති සහභාගි වන පළමු ජාත්‍යන්තර තරගයට හෙට උතුරු මරියානා දිවයිනේ දී මුහුණ දීමට නියමිතයි.විරේන් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබ පළමුවැන්නා මෙන්ම මෙවර ඔලිම්පික් බැඩිමින්ටන් පිටියේ දකින ලාබාලතම ක්‍රීඩකයා ද වෙනවා.


හෙට ආරම්භ වන CROWNE PLAZA Northern Marianas Open තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින් 64 දෙනා අතරේ පළමු තැනට ශ්‍රේණිගතව සිටින්නේ විරේන් වන අතර ඔහුට පළමු වටයෙන් 32 ගේ වටයට යාම සඳහා පළමු තරගයෙන් නිතරග ජයක් හිමිව තිබෙනවා.
ජූලි 2 වන දා සිට 7 වන දා දක්වා පැවත්වෙන තරගාවලියෙන් ඉනික්බිති විරේන් එම දිවයිනේම පැවත්වෙන DOVE Saipan International 2024 පැවත්වෙන තරගාවලියට ද සහභාගිවීමට නියමිතයි.එම තරගාවලිය ජූලි 7 වන දා සිට ජූලි 14 වන දා දක්වා පැවත්වීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...

සමුගන්නට මත්තෙන් : චන්ග් ගැන බිඳක්!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ අමෙරිකානු...