න්‍යෂ්ටික මධ්‍යස්ථාන නැරඹීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා කරන ලද ඉල්ලීම ඉරානය ප්‍රතික්ෂේප කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන- ඊශ්‍රයල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපදය විසින් බෝම්බ හෙලන ලද ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වන ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් නැරඹීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි කළ ඉල්ලීම එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි විසින් සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ආරක්ෂක විධිවිධාන මුවාවෙන් බෝම්බ හෙලන ලද ස්ථාන නැරඹීමට ග්‍රොසිගේ අවධාරනය අර්ථ විරහිත වන අතර සමහර විට ද්වේෂසහගත චේතනාවක් පවා විය හැකි බවත්, තම අවශ්‍යතා, තම ජනතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට ඉරානයට අයිතියක් ඇති බවත්ය.

ඊට සමගාමීව, ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට සඳහන් කර තිබුණේ, ටෙහෙරානය IAEA සමඟ සහයෝගීතාව නතර කර ඇති බවත්, ඉරානය රෆායල් ග්‍රොසීගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අසාධාරණ, අසංවිධිත සහ විනාශකාරී හැසිරීමට ස්වාභාවික ප්‍රතිචාරයක් වන බවත්ය.

ඉරාන ජාතිකයන් 936 දෙනෙකුට ජිවිත අහිමි කරමින් ඊශ්‍රායලය දියත් කරන ලද ප්‍රහාර වෙනුවෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොහෙන සිටීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) ප්‍රධානී රෆායෙල් ග්‍රොසි ඉරානය දැඩි ලෙස විවේචනය කර තිබු අතර පාර්ලිමේන්තු තීරණයක් හරහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) සාමාජිකත්වයෙන්ද ඔවුන් ඉල්ලා අස් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...

රට වනසන ගල් අඟුරු මාෆියාවට එරෙහිව කොළඹදී විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW:පුනරුදය සඳහා අඩු මිලට ස්වභාවික බලශක්ති රැකගැනීම වෙනුවෙන්...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු...