බස් ගාස්තු ගැන තීරණයක්?

0
597

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW :

මේ වන විට ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති බැවින්, බස් ගාස්තු ඉහළ දමනවාද නැද්ද යන්න අද (01) දිනයේ බස් සංගම් නියෝජිතයන් සමග සාකච්ඡා කර තීරණය කරන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව අද සිට බස් ගාස්තු සියයට 2. 5කින් අඩුවිය යුතු බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළ නමුත්, මාසික ඉන්ධන මිල සංශෝධනයෙන් පසු සංශෝධිත බස් ගාස්තු ප්‍රසිද්ධියට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිසම පසුගියදා ප්‍රකාශ කළේය.