කටාර් චැරිටි තහනම ඉවතට. හිජාස්ගේ මාස 22 දෙන්නේ කවුද ?

Date:

වත්මන් රජය විසින් කටාර් චැරිටි පුණ්‍යායතනයට මෙරට තුළ පැනවූ තහනම ඉවත් කරගෙන තිබේ.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා යටතේ ක්‍රියාත්මක වන කටාර් චැරිටි පුණ්‍යායන අරමුදල මෙරට තුළ තහනම් කිරීමට 2019 වසරේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය කටයුතු කළ අතර ඊට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ එම අරමුදල මෙරට ත්‍රස්තවාදී ක්‍රියාවලට මුදල් සම්පාදනය කළැයි අනාවරණය වී ඇති බවකි. ලොව පුරාම ආන්දෝලනයට ලක්වූ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාව අත් අඩංගුවට ගෙන රඳවා තබාගත්තේ ද මෙම කටාර් චැරිටි අරමුදලින් ඔහු සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධානයකට මුදල් ලැබී ඇති බව පවසමිනි.

කටාර් චැරිටි යනු ලොව පුරා පිළිගැනීමක් සහිත පුණ්‍යායතනයක් වන අතර ඊට මෙම අභූත චෝදනාව එල්ල කරන ලද්දේ මෙරට ප්‍රධාන පෙළේ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන විසිනි. පොහොට්ටු රජය ද එම අභූත චෝදනා පිළිගනිමින් කටයුතු කිරීම තුළ අරාබි රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් ද ඇතිකර ගත්තේය.

කෙසේවෙතත් මේ වනවිට කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වී සිටින බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පසුගියදා කටාර් චැරිටි ආයතනයේ නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබුණු අතර ඔහු එහිදී දැනුම්දී ඇත්තේ එම ආයතනය අදාළව ශ්‍රී ලංකාව තුළ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව නීතිපතිවරයාට දන්වා ඇති බවත් ය.

අපට ඇති ප්‍රශ්නය වන්නේ මෙම අභූත චෝදනා මත අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඔහුගේ ජීවිතයෙන් අහිමිවූ මාස 22ක කාලය ආපසු ලබාදෙන්නේ කවුද යන්න ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...