පාස්පෝට් පෝලිම්වලට ධම්මිකගෙන් කඩිනම් විසඳුම් – එක්දින සේවාව රටපුරා ව්‍යාප්ත කරයි

Date:

මෙතෙක් කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පමණක් සීමා වූ, ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ එක්දින සේවය ප්‍රාදේශීය කාර්යාල දක්වා ව්‍යාප්ත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පියවර ගෙන තිබෙනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ඒ අනුව ලබන සඳුදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාතර, වව්නියාව, මහනුවර යන ප්‍රාදේශීය කාර්යාලවලින් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

පවත්නා අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන අතර මේ හේතුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය අසල මෙන්ම ප්‍රාදේශීය කාර්යාල අසලද විශාල පෝලිම් දක්නට ලැබෙනවා. ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ඇතැම්විට දින ගණන් පෝලිමේ සිටීමට සිදුව තිබේ.

මේ අතර රැකියා සඳහා විදෙස්ගත වන පුද්ගලයන් වෙනුවෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය තුළ විශේෂ කවුළුවක් විවෘත කිරීමටද පියවර ගෙන තිබේ. රැකියා සඳහා විදෙස්ගත වීමේ සූදානමින් සිටින පුද්ගලයන්ට සියලු ලිපි ලේඛන ඉදිරිපත් කර අදාල කවුළුවෙන් එක්දින සේවාව යටතේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව ධම්මික‌ පෙරේරා මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...