රෂිකා හෙන්නායක ජූලි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
පාකිස්ථානයේ ලාහෝර් නගරයට තදාසන්න ප්රදේශයක පිහිටි පෞද්ගලික උපකාරක පන්ති මධ්යස්ථානයක සිදුවූ දරුණු ගොඩනැගිලි කඩා වැටීමක් පිළිබඳව වාර්තා වන අතර, වයස අවුරුදු හතත් එකොළහත් අතර පසුවූ ළමුන් දහසතර දෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත.
තවත් පිරිසක් තුවාල ලබා ඇත.
ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරමින් තිබියදී සිදු වූ මෙම ව්යසනය සම්බන්ධයෙන් එරට බලධාරීන් දැනටමත් විමර්ශන ආරම්භ කර පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වහලයේ අබලන් තත්ත්වය සහ අධික බර මෙම අනතුරට හේතු වූ බව ප්රදේශවාසීන් පවසන අතර පාකිස්ථාන අගමැතිවරයා ඇතුළු දේශපාලන නායකයින් මේ පිළිබඳව සිය ශෝකය ප්රකාශ කර ඇත.
විපතට පත් වූවන් සඳහා වෛද්ය ආධාර ලබා දෙන ලෙසත් වගකිවයුත්තන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් රජය උපදෙස් දී තිබේ.



