ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ උපවාසය අත්හැර තිබේ.
ඔහු එලෙස උපවාසය අතහැර ඇත්තේ ඔහුගේ නීතිඥ උපදෙස් මත බව සඳහන්.
උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර තවදුරටත් ඔහු එහි ප්රතිකාර ලබමින් සිටියි.
රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ පාස්කු ප්රහාර මාලාවට අදාළ නඩුවේ තුන්වෙනි සැකකරු ලෙස අධිකරණය නම් කර තිබෙන අතර ඔහු රැඳවුම් භාරයේ නිදහස් කරගැනීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සත්යග්රහයක් ආරම්භ කළ අතර එය දින කිහිපයකින් අවසන් විය.


