*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ලෝක සූරතාවයටත් නෙට්බෝල් කණ්ඩායම ගයංජලී සහ දුලංගි යටතේම

ලෝක කුසලානයට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දිමේ වගකිම ආසියානු කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායිකාව වූ ගයංජලී අමරවංශටම පැවරීමටත් ඇයගේ උප නායිකාව වූ දුලංගි වන්නිතිලක ලෝක කුසලානය සඳහා සහභාගි වන කණ්ඩායමේ ද උප නායිකාව ලෙස තබා ගැනීමටත් තීරණය වී ඇත.

ඛණ්ඩායමට එකතු වන ප්‍රවීනම ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ තර්ජනී සිවලිංගම් සහ චතුරංගි ජයසූරිය ය.ඔවුන් දෙදෙනා මෙන්ම ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දී ඇති සේමිනි ද අල්විස් ද කණ්ඩායමේ සිටින බැවින් ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රිඩිකාවන් කිහිප දෙනෙකුගේ දායකත්වය මෙම කණ්ඩායමට හිමි වී තිබීම කැපී පෙනෙයි.
මෙම සංයුතිය දෙස බැලීමේදී ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ සූරතා අතර නිතර නම කියැවෙන පාසල්වල ක්‍රීඩිකාවන් සිටින්නේ අතළොස්සක් වන අතර ශ්‍රී ලංකාවේ සිව් දෙසින් පැමිණ එක කණ්ඩායමකට ගොනු වීමේදී දක්ෂතාවය වෙනස් ආකාරයක් ගන්නා බව පැහැදිළි වේ.නිතර සූරතා අතර නම කියැවෙන කුරුණැගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය නියෝජනය කරමින් මේ කණ්ඩායමට එකි වී සිටින්නේ කණ්ඩායමේ උප නායිකා දුලංගි වන්නිතිලක පමණි.

නායිකා ගයංජලි අමරවංශ මහනුවර උසස් බාලිකාවෙන් නෙට්බෝල් පිටියට ලැබුණ දායාදයකි.ලෝක පූජිත තර්ජණි සිවලිංගම් යාපනය වයවිලන් මධය මහා විද්‍යාලයෙන් පැමිණි ක්‍රිඩිකාවකී.එම විද්‍යාලය ඉතිහාසයේ කිසිඳු දවසක ජාතික මට්ටමෙන් මුල් කණ්ඩායම් අට අතරටවත් නොපැමිණි කණ්ඩායමකි.ගයනි දිසානායක විශාකා විද්‍යාලයෙන් ජාතික කණ්ඩායමට හිමි වූ දායාදයකි.
චතුරංගි ජයසූරිය කැළණිය ධර්මාලෝක විද්‍යාලයට ක්‍රීඩා කළ ක්‍රිඩිකාවක් වන අතර ජාතික සූරතාවය පාසල් මට්ටමෙන් එම විද්‍යාලයද දිනා නැති අතර ඇය ආසියානු කුසලානයක් දිනා දීමට මෙන්ම ලෝක කුසලාන තරගාවලියක සහභාගීත්වයට ද ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩිකාවකි.සේමිණි ද අල්විස් නෙට්බෝල් සහ ක්‍රිඩාව හා සබැඳියාවන් බොහෝ ඇති පවුලකින් එන ක්‍රිඩිකාවක් වන අතර ඇයද විශාකා විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිඩිකාවක්ය.

තිශාලා අල්ගම ද විශාකාවේ නිර්මාණයක් වන අතර ජාතික සූරතා නැතත් ඔවුන් රට නියෝජනය සඳහා ශක්තිය දායාද කළ හැකි මට්ටමේ ක්‍රීඩිකාවන් සේ ජාතික කණ්ඩායමට සුදුසුකම් ඇති බව ඔප්පු කර පෙන්වා ඇති ක්‍රීඩිකාවන්ය.කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාවෙන් නෙට්බෝල් පිටියට පැමිණි භාෂීනි පෙරේරා ද ජාතික සූරතාවන් සඳහා පාසල් මට්ටමේ දී නම කියැවෙන පාසලක ක්‍රීඩිකාවක් නොවන්නීය.රශ්මි පෙරේරාගේ පාසල දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකාවය.මල්මි හෙට්ටිආරච්චි නෙට්බෝල් පිටියට පිවිසෙන්නේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයටය.

පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් නෙට්බෝල් පිටියට පිවිසි ගයත්‍රි කෞශළ්‍යාගේ පාසලද ජාතික මට්ටමේ නෙට්බොල් සූරතා දිනන පාසල් අතර නොකියවෙන නමකි.ශානිකා පෙරේරා හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ජාතික නෙට්බෝල් පිටියට පැමිණි ත්‍රීඩිකාවකි.

බෙහෝ අය පාසල් කණ්ඩායම් නියෝජනයේදී එම සූරතාව දිනා දෙන්නට කණ්ඩායමක් වශයෙන් හැසිරීම පදනම් කරගෙන එම ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමේ සිටිය යුතු බවට පසුගිය කාලයේ ගෙන ආ තර්කය පුස්සක් බව මේ ක්‍රීඩිකාවන්ගේ ප්‍රවේශයන් සළකද්දී පැහැදිළිය.රටක් හැටියට ක්‍රියා කිරීමේදී මේ තත්ත්වය වෙනස්වන අතර ජාතික කණ්ඩායම ශක්තිමත් කිරීමට සුදුසු,සුරතාවයන් ආසන්නයටවත් කණ්ඩායමක් හැටියට පිවිසීමට නොහැකි ඒත් දක්ෂයන් සහිත කණ්ඩායමකට සුදුසු ක්‍රීඩිකාවන් සිටිය හැකිය.ඒ නිසා පසුගිය කාලයේ තෝරා නොගැනීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනාවන් ස්වභාවයෙන්, යම් කිසි විදිහකට සූරතාවයට යා නොහැකි පාසල්වල සිටින්නේ අදක්ෂයන් බවත්,දක්ෂයන් සිටින්නේ සූරතා දිනන පාසල්වල පමණක්ය යන මිත්‍යාවේ ඇලී තිබුණු එකක් විය.ඒ නිසාම ඒ චෝදනාවල ඇත්ත තත්ත්වය දියව වෛරි සහ කුණු රසය උපයන ඒවා පමණක් බවට පත් වී සැබෑ තර්කයන්ගෙන් වියුක්තව අසාධාරණයක් සිදුවිණිනම් එයට විසදුමක් සෙවිමේ ඉඩෙන් ඈත් විය.

වයඹ,මධ්‍යම,බස්නාහිර,උතුරු මැද සහ උතුරු පළාත් ලෙස පළාත් පහකින් එකතු වූ දක්ෂතා සම්මිශ්‍රණයක් ලෙස ජාතිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබමින් ලෝකය ඉදිරියේ සිට ගන්නා මේ ක්‍රීඩිකාවන්ට පුුහුණුකාරී භූමිකාවෙන් පන දෙන්නේ තිලකා ජිනදාසය.කාන්තාවක ලෙස පළමු ඔලිම්පික් නියෝජනය ලැබ ඇති ලාංකේය කාන්තාව වන තිලකා, මලල ක්‍රීඩා මෙන්ම නෙට්බෝල් ක්‍රීඩාවෙන්ද ශ්‍රී ලංකාව නියෝජනය කිරිමේ භාග්‍යය ලද ක්‍රීඩිකා අවදියකට උරුමකම් කියන්නීය.එසේම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රීඩා පුහුණුකාරියක වන ඇය බෘනායි දේශයේ කලක් පුහුණු අධ්‍යක්ෂ ලෙස නෙට්බෝල් ක්‍රීඩාව ගොඩ නැංවීමට දායකත්වය ලබා දුන්නාය.

දිපි ප්‍රසාදි වර්ථමානයේ කණිෂ්ඨ පුහුණුකාරියක ලෙස ද කැපී පෙනෙන ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකිම් උපයාගත් නෙට්බෝල් ක්‍රීඩිකාවක්ය.ඇය තිලකාගේ සහය පුහුණුකාරිය ලෙස සංචාරයට එක්වන්නීය.
ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ පැවත්වෙන මෙවර ලෝක සූරතා තරගාවලියේ දී ලොව සිටින ඉහළම කණ්ඩායම් 16 අතර සිට තරගාවලියට මුහුණ දෙන්නට සූදානම්ය.එහිදී ඔවුන් මූලික වටයේදී සී කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයේ සත්කාරක දකුණු අප්‍රිකාව,වේල්ස්ය සහ ජැමෙයිකාව ද සිටියි.සන්ෂයින් ග්ර්ල් ලෙස ලොව ප්‍රකට ජැමෙයිකානු කණ්ඩායම මේ වන විට ලොව ශ්‍රේණිගත කිරීම්වල සිව්වන තැන පසුවන අතර සත්කාරක දකුණු අප්‍රිකාව සිටින්නේ පස්වන තැනය.වේල්සය නවවන තැන පසුවෙයි.ඒ නිසා ශ්‍රී ලංකාවට මේ තරගවලදී අනාගතයට වැදගත් තරගකාරී විශේෂ අත්දැකීම් රැසක් ඉතුරු කර ගැනීමට හැකිවන අතර ඔවුන් මූළික වටයේදී යම් ආකාරයක වෙනසක් ඇති කිරීම සඳහා සියලු උත්සාහයන් මෙම වටයේදී ගනු ඇත.

දකුණු අප්‍රිකාවේදී ලෝක කුසලානයට මුහුණ දීමට පෙර ඔවුන් බොටිස්වානා කණ්ඩායම සමඟ පුහුණු තරග සඳහා මුහුණ දෙන්නේ ඔවුන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට පසුපසින් සිටියද දැඩි වේගවත් සහ ආක්‍රමණික ස්වරූපයේ කණ්ඩායමක් නිසා එයින් කණ්ඩායමට ලොකු ආත්ම විශ්වාසයක් ගොඩ නැඟෙනු ඇතැයි යන කාරණය පදනම් කරගෙනය.මේ තරගාවලියට ආසියාවේ අනු සූරියන් ලෙස සිංගප්පූරුව ද ආසියාවෙන් තරගාවලියට එක්ව සිටින අතර එම කණ්ඩායම මේ වන විටත් දකුණු අප්‍රිකාවේ පුහුණු තරග සඳහා සහභාගි වෙමින් සිටියි.නෙට්බෝල් සංස්කෘතිමය වශයෙන් ආසියාවට වඩා ඉදිරියෙන් දක්ෂතා අතින් පවතින දකුණු අප්‍රිකානු කණ්ඩායම් සමඟ සිංගප්පූරුව ලබන තරග අත්දැකීම්වලට වඩා වැදගත් තරගාවලියක් ශ්‍රී ලංකාව සූදානම් කර ගත්තේ ලොව ඉහළම මට්ටමේ වෘත්තීය නෙට්බෝල් ක්‍රීඩාව පවතින ඕස්ට්‍රේලියාවේ වුව ද,ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩිකාවන් අතුරුදහන් වේය යන හිරිකිත තීරණයේ පිහිටා එම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ නැත.බොහෝ වියදම් දරාගෙන ක්‍රීඩිකාවන් ගත් එම උත්සාහය නිශ්පල කිරීමට තීරණය ගත්තේ කවුද යන්නත්,අමාත්‍යවරයාට එවැනි මුග්ධ ක්‍රියා සඳහා උපදෙස් ලබා දෙන්නේ කවුද යන්නත් මේ මෑතකදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කළේ විශාල ආඩම්බරයකින් තමන්ට ඒ සඳහා උපදෙස් දෙන සාමාජික සඟයන්ට ද ඒ ආඩම්බරය බෙදා දෙමින්ය.

අපි රටක් හැටියට රටේ ක්‍රීඩා පරිපාලනය හරමි පහසුකම් නොව වැරදි ආකල්පවලින්ද ක්‍රීඩාව තලා පෙලා දමද්දී,ඒ පාලකයන්ටම වැද අවසර ගෙන ලෝකය සමඟ ගැටෙන්නට යන ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට රට වෙනුවෙන් උපරිමය කරන්නට අපි ශක්තිය පතමු.ඔබ තිබන හැම පියවරකම මේ රටේ පොදු ජනතාවගේ ආශිර්වාදය පිටුපස තිබෙනු ඇත.එසේම මෙහි පළවන ඡායාරූප අප පළ කරන්නේම රටට සතුටු වන සම්පතක් බවට ඔබව පත් කරන්නට වෙහෙසවිය යුතු පිරිස් ඒ යුතුකම ඉටු නොකළත් ඔබ ලබන ජයග්‍රහණයට බොහෝ ආශාවෙන් සිටින බව නිසැකය.ඒ මේ ආකාරයට ජයග්‍රහණ සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියා කළාපයන් තුළ ඔවුන්ට ගෞරවයෙන් සිට ගැනීමේ අවස්ථාවක් උදාකර දෙන්නට හැකියාව ඇත්තේ ක්‍රීඩා කරන ඔබට පමණක් වන නිසාය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan