ඉන්ධන මිල සංශෝධනයක්. පෙට්‍රල් ඉහළට, ඩීසල් පහළට

0
1053

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 365 ක් වේ.

ඔටෝ ඩීසල් මිල රුපියල් 02 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 308 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින් වැඩිකර ඇති අතර එහි නව මිල රුපියල් 346 ක් වේ.

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 09 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 236 ක්.

RN